W3lanka.com

NEWS IN
ENGLISH

Prabakaran

"ඕනෑම කෙනෙකුට කිව හැකි පරිදි, හේ කිසිදු දර්ශනයකින් හෝ දෘෂ්ටිවාදයකින් මඟ පෙන්වනු නොලැබීය. වියුක්ත දේට අකැමැති වූ ‍ඔහුට විවාද ඉවසිය නොහැකි විය. 2002 වසරේ සාම ගිවිසුමකට එළඹුණද, ඔහු භාර ගැනීමට සූදානම්ව සිටියේ සතුරන් මුලිනුපුටන ලද වෙනම දෙමළ නිජබිම පමණි."(අවමංගල්‍ය ලිපි, The economist, මැයි 21, 2009)
ලොකු කර බලන්න

කොටි සංවිධානය දෙකඩ වේ?
කේපීට එදිරිව කස්ත්‍රෝ

(W3Lanka, මැයි 27, 2009)
රජය විසින් ‍දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය දේශීය වශයෙන් සමූලඝාතනය කර දැමීමත් සමඟම එහි ඉතිරි වී ඇති කොටස් අඩුම වශයෙන් දෙකඩ වී තිබෙන බව වාර්තා වේ.

ගැටුම පැන නැඟී තිබෙන්නේ කොටි සංවිධානයේ ප්‍රධාන ජාත්‍යන්තර නායකයන් දෙදෙනෙකු අතර බව දැන ගන්නට තිබේ. ඔවුන් නම් ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රධානී කේපී හෙවත් සෙල්වරාසා පත්මනාදන් හා ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ ප්‍රධානී කස්ත්‍රෝ හෙවත් වීරකුලසිංහම් මනිවන්නන්ය.

එක් අංශයක් ප්‍රභාකරන් මිය ගිය බව පිළිගන්නා අතර අනෙක් අංශය ඔහු මිය ගිය බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ප්‍රසිද්ධ කිරීමට රජය අසමත් වීම මත රඳා පවතින තත්වයක් දක්නට ලැබේ.

පසුගිය ඉරිදා (24) නිවේදනයක් නිකුත් කරමින් කේපී පැවසුවේ නායකයා මැයි 17 දින රජයේ හමුදා සමඟ සටනකදී ජීවිත පරිත්‍යාග කළ බවයි. සංවිධානය සඳුදා සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බව කියමින් හිංසාකාරී ක්‍රියාවලින් ඈත් වී සිටින ලෙස ඔහු ඉල්ලා සිටියේය. බීබීසී ගුවන්දේවයට ඔහු කීවේ දෙමළ ජනයාගේ හිමිකම් දිනාගැනීම සඳහා අහිංසාවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි.

පසුගිය සිකුරාදා (22) ටැමිල්නෙට් වෙබ් අඩවිය කියා සිටියේ ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ පුවත නිර්මානය කරන ලද කටකතාවක් බවයි. මෙතෙක් අප්‍රකටව සිටි අර්වාළකන් ලෙස හඳුන්වාගන්නා ලද එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ ප්‍රධානී යැයි කියන පුද්ගලයෙක් කීවේ නායකයා තවමත් ජීවතුන් අතර සිටින බවයි.

මෙම ස්ථාවර දෙකම නොගන්නා ටැමිල්නෙට් වෙබ් අඩවිය දැන් පවසන්නේ ස්ථාවර කිසිවක වගකීම තමන් භාර නොගන්නා බවයි. ඒවා ස්වාධීනව තහවුරු කර ගත නොහැකි බව ටැමිල්නෙට් පවසයි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA