|
||||||||||||||||
|
කංචිකුඩිච්චිආරුහිදී 11ක් ඊයේ මරුට; කොළඹ මරාගෙන මැරෙන කණ්ඩායම්ද දඩයමට ලක් වෙති (W3Lanka, මැයි 28, 2009) අම්පාර කංචිකුඩිච්චිආරු කැලයේදී ඊයේ (27) දහවල් යුද හමුදා කොමාන්ඩෝ බළකාය විසින් කොටි ගරිල්ලන් පිරිසකට වට කර ප‍්‍රහාරයක් එල්ල කරමින් සටන්කරුවන් 11දෙනකු මරා දමා ටී 56 ගිනි අවි 5 ක්, ක්ලේමෝ බෝම්බ 20ක්, අත් බෝම්බ 2 ක්, පුද්ගල නාශක බෝම්බ 3 ක් සහ බෙහෙත් තොගයක් සොයාගෙන තිබේ. පස්වන ඊලාම් යුද්ධයක් ආරම්භ කිරීම පිණිස, කොටි සංවිධානයේ කර්නල් තනතුරක් හිමි රාම්ගේ නායකත්වයෙන් කොටි සංවිධානය විසින් නැගෙනහිර පළාතේ ස්ථානගත කරන ලද ගරිල්ලා කණ්ඩායම් කීපයක් ඇති අතර, පසුගිය දිනවල ප්‍රශ්න කිරීම්වලින් ඔවුන් පිළිබඳ බොහෝ තතු ආරක්ෂක අංශ විසින් ලබාගෙන තිබේ. මෙම කණ්ඩායමේ දෙදෙනෙකු පසුගියදා රතුකුරුස සංවිධානය මාර්ගයෙන් රජයට භාර වූ අතර, ඉතිරි අයද රජයට භාර වීම සඳහා තම සහයෝගය ඉල්ලා ඇති බව ඇමති කරුණා අම්මාන් පසුගියදා පැවසීය. නැගෙනහිර පළාතේ ස්ථානගත කර තිබෙන කොටි ගරිල්ලන් 25ක් පමණ මේ වන විට ආරක්ෂක අංශ විසින් මරා දමා තිබේ. රජය ඔවුන්ගේ භාර වීම පිළිබඳ උනන්දුවක් නොදක්වයි. මේ වන විට මෙම ගරිල්ලා කණ්ඩායම් මුලිනුපුටා දැමීමට රජය ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇත. මීට අමතරව, රටේ දකුණුදිග ප්‍රදේශවල ස්ථානගත කර සිටින කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 17ක් පිළිබඳවද රජයේ බුද්ධී අංශ තොරතුරු හෙළිදරව් කරගෙන තිබේ. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාද කටයුතු කෙරෙමින් ඇති බව වාර්තා වේ. පසුගියදා මාධ්‍ය හෙළිදරව් කළ පරිදි කොටි සංවිධානයේ ඉතිරි වී සිටින ප්‍රධානම නායකයා වන කේ.පී. සඳහාද මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||||