W3lanka.com

NEWS IN
ENGLISH

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී "පැරණි යටත්විජිතකරුවන්" පරදවයි
දැඩිවම කම්පා වෙනවා, හියුමන් රයිට්ස් වොච් පවසයි

(W3Lanka, මැයි 28, 2009)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‍සභාවේ ලංකාව පිළිබඳ විශේෂ සැසියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේදී සිදු වූ වානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා යුරෝපය ප්‍රමුඛ රාජ්‍යයන් 18ක් විසින් සම්මත කිරීමට ප්‍රයත්න දරණ ලද යෝජනාව පරාජය කිරීමට ලංකාව සමත් වී තිබේ.

ශ්‍රී ලංකාව නව ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‍සභාවේ සාමාජික රාජ්‍යයන් 29ක් එයට පක්ෂව ඡන්දය දුන්හ. රටවල් 12ක් විරුද්ධ වූ අතර, හයක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

විරුද්ධව ඡක්දය දුන් රටවල් වන්නේ කැනඩාව, චිලිය, ෆ්‍රන්සය, ඉතාලිය, මෙක්සිකෝව, ස්විට්සර්ලන්තය, බ්‍රිතාන්‍යය, නෝර්වේ, අයර්ලන්තය, ඕස්ට්‍ර්‍රේලියාව, සැම්බියාව සහ උරුගුවේය. එක්සත් ජනපදයට මෙම සභාවට මෑතදී එත් වීම නිසා තවමත් ඡන්දය නැති වුවද, එම රට මෙම කණ්ඩායමට සහයෝගී විය.

ශ්‍රී ලංකාවේ යෝජනාව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ප්‍රාණඇපකරුවන් ලෙස තබා ගන්නා ලද දසදහස් සංඛ්‍යාත පුරවැසියන් මුදාගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජයට ස්තුති කරන අතර, රටේ පශ්චාත් යුදකාලීන ඉදිකිරීම් සඳහා මුල්‍ය ආධාර ඉල්ලා සිටියි.

චෙච්නියාව සමඟ අභ්‍යන්තර අර්බුද ඇති රුසියාව, කාශ්මීරයේ බෙදුම්වාදී ප්‍රශ්න ඇති ඉන්දියාව, ටිබෙටය සමඟ මතභේද ඇති චීනය වැනි රටවල්ද වෙනිසියුලාව, බුරුමය හා පකිස්තානය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්ද ලංකාවේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

සරණාගත කඳවුරුවලා මානුෂීය සංවිධානවල ප්‍රවේශය තහවුරු කරන ලෙස සංශෝධනයක් මෙම යෝජනාවට ගෙන ඒමට බටහිර රටවල් කීපයක් උත්සාහ කරද්දී කියුබාව ඒ සඳහා විරෝධය පළ කරමින් ඒ සඳහා ඍජු ඡන්දයක් ඉල්ලා සිටියේය.

නිව්යෝක් පදනම් කරගත් හියුම්න් රයිට්ස් වොච් ආයතනය ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ මෙම විශේෂ සැසිය ලංකාවට පණිවුඩයක් දෙනවා වෙනුවට ප්‍රශංසා කරමින් අවසන් වීම පිළිබඳව කම්පාවට පත් වන බවයි.

මානව හිමිකම් සභාවේ සභාපතිනි නවී පිලලෛ විශේෂ සැසියට පෙර ප්‍රකාශයක් කරමින් පැවසුවේ අර්බුදයේ සියලු පාර්ශවයන්ගේ කටයුතු පිළිබඳ වාර්තාව හරිගැස්සීමට මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව සහ ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ එවැනි ප්‍රවේශයක් හරහා බවයි.

සැසිය ආරම්භයට පෙර මාධයවලට ප්‍රකාශ්‍යක් කළ ජිනීවාහි තානාපති ආචාර්ය දයාන් ජයතිලක "පැරණි යටත්විජිතකරුවන්ට" චෝදනා කරමින් ඔවුන් රැස්වීම කැඳවීමේදී ලංකාවේ අසල්වැසි රාජ්‍යයන්ගෙන් විමසීමට අසමත්ව ඇති බව කීවේය.

මේ අතර රජය සරණාගත කඳවුරු තුළට මානුෂීය ආයතනවල වාහන පිවිසීම තහනම් කරමින් පනවා තිබූ නීති ලිහිල් කර තිබේ. ආරක්ෂක අංශ මුලින් කීවේ මෙම වාහනවල සැඟවී ත්‍රස්තවාදීන් පළා යා හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ආරක්ෂක මණ්ඩලය මෙන් ක්‍රියාත්මක කරන යෝජනා සම්මත කරන්නේ නැත. ඒ වෙනුවට එමඟින් ඇති කෙරෙන්නේ සදාචාරමය හා දේශපාලනික බලපෑමකි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA