W3lanka.com

NEWS IN
ENGLISH

ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු සිනමාවට නඟයි
දුටුගැමුණු තුමිඳු; එළාර ජැක්සන්

(W3Lanka, මැයි 29, 2009)
ප්‍රභාකරන් පරදා මුළු දිවයිනම රජයේ පාලනයට ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී එළාර රජු පරදා මෙම දිවයිනේ පැවති රාජ්‍ය එක්සේසත් කළ දුටුගැමුණු රජුට සමාන කිරීමේ ප්‍රචාරණයන් මැද සිනමා කලාවේදී ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු කතා පුවත සිනමාවට නැඟීමට මැයි 31දා අනුරාධපුරයේදී මුලපුරයි. මෙය ඔහුගේ තෙවන චිත්‍රපටයයි. මුලින් ඔහු 'අග්නිදාහය' හා 'ගරිල්ලා මාකටිං' අධ්‍යක්ෂණය කළේය.

වන්නියේ වේදිකාවේ කලාකරුවන් විසින් සංවිධානය කරන, රුවන්වැලි සෑය අබියස පැවැත්වෙන ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙහෙයවන අධිෂ්ඨාන පූජාවකින් චිත්‍රපටයේ කටයුතු ආරම්භ වේ.

මෙහි දුටුගැමුණු චරිතය නිරූපණය කරන්නේ තුමිඳු දොඩන්තැන්නයි. එළාර ජැක්සන් ඇන්තනි වන අතර විහාර මහා දේවිය කවුරුන්දැයි තවම හෙළිදරව් කර නැත. සංගීතය නදීක ගුරුගේ විසිනි. කලා අධ්‍යක්ෂණය එරල් කෙලී සමඟ සේන මාඹුලගේ විසිනි.

චිත්‍රපටය සඳහා ආයෝජනය මාලි හෙට්ටිආරච්චි, ශාන්ත හෙට්ට්ආරච්චි සහ තුසිත හල්ලොලුව විසිනි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA