|
||||||||||||||
|
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බාල පාලමක් තරුණයකුගේ හිස මතට කඩා වැටේ ඒ-32 හදන්න චීන ආධාර (W3Lanka, මැයි 29, 2009) ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල, නරාවල, කෙහොඹලාදෙනිය ප්‍රදේශයේදී ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලමක් හදිසියේ කඩාවැටී උසස් පෙළ සිසුවකු වූ තරුණයකුද මරුමුවට වැටීමත් සමඟ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම්වල ප්‍රමිතිය පිළිබඳ බරපතල සැක සංකා මතු වී තිබේ. මාර්ගයේ ඉදිකිරීම්වල තත්වය පිළිබඳ පරීක්ෂාවක් කරන බව මහාමාර්ග සංවර්ධන ඇමති ටී. බී. ඒකනායක පවසයි. මෙම පාලම ඉදිකරන ලද්දේ ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත්කාර දේශීය සමාගමක් විසිනි. එම සමාගම ලවාම පාලම නැවත ඉදි කරවන බව ඇමතිවරයා කියයි. 2012දී විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා රු. කෝටි 3000ක් වැය වන අතර මාර්ගයේ ගමන් කරන වාහනවල විශාලත්වය අනුව කිලෝමීටරයකට රු. 3 සිට 9 දක්වා මුදලක් අය කිරීමට නියමිත බව අමාත්‍යංශය පවසයි. මේ අතර මෑතදී මුදා ගන්නා ලද වන්නියේ මන්නාරමේ සිට පූනරින් හරහා යාපනයේ තල්ලඩි දක්වා දිවෙන ඒ-32 මාර්ගය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහා ආධාර කිරීමට චීන රජය ඉදිරිපත් වී ඇති බව ඇමතිවරයා පවසයි. මෙහි පළමු අදියරේ ඉදිකිරීම් දැනටමත් ඇරඹී ඇති අතර ඒ සඳහා රජය රු. කෝටි 495ක් වෙන් කි තිබේ. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||