W3lanka.com

NEWS IN
ENGLISH

ශ්‍රී ලංකා ජනපති හා ඉන්දියා අගමැති අතර සාකච්ඡා
ජුනි මැද භාගයේදී

(W3Lanka, මැයි 29, 2009)
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ නිල චාරිකාවක් සඳහා සූදානම් වෙමින් සිටින බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මෙම චාරිකාව ජුනි මස මැදභාගයේදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං ජුනි මස 15 දින රුසියාවේදී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන නැඟී එන ආර්ථිකයන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී පැමිණීමෙන් පසු සිදු වනු ඇතැයි සැලකේ. නායකයන් දෙදෙනා අතර ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලංකාවේ මෑතදී කොටි සංවිධානයෙන් අත් පත් කර ගන්නා ලද ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඉන්දියාව දැනටමත් ඩොලර් මිලියන 100ක ආධාර පිරිනමා තිබේ.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA