W3lanka.com

NEWS IN
ENGLISH

camp guard

උතුරේ සරණාගත කඳවුරක පිටත රැකවලේ යෙදී සිටින පොලිස් භටයෙක්. (AFP)
පිංතූරය ලොකුවට

යුද්ධයේ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව 20,000යි: පුවත්පතක ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සභාවේ තීන්දුව අභිබැවීමේ උත්සාහයක

(W3Lanka, මැයි 17, 2009)
එක්සත් ජාතීන්ගේ රහස්‍ය ලේඛන මත පදනම් වන බව පවසමින් ලන්ඩන්හි 'ද ටයිම්ස්' පුවත්පත වාර්තා කරන පරිදි අප්‍රේල අගභාගයේ සිට මැයි 19දා කොටි නායක ප්‍රභාකරන්ගේ මරණය සිදු වන තෙක් ලංකාවේ යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන්ගේ මරණ ගණන දිනකට 1000ක් පමණ වී ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 20,000ක් විය හැකි බව පවසයි.

ලංකාවේ රජය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන අතර, එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයන් නිව්යෝක් ටයිම්ස්, ද ගාඩියන් සහ බීබීසී වෙත ප්‍රකාශ කළේ අවසන් සතිවලදී සිමින්‍ය වැසියන් මිය ගිය සංඛ්‍යාව පිළිබඳ හොඳ තක්සේරුවක් නොමැති බවයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවී පිල්ලෛ අසාමාන්‍ය ස්ථාවරයක් ගනිමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සාමාජික රටවල් 47 අතරින් බහුතරයක් පසුගියදා ගත් තීන්දුව වූ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ඇති චෝදනා පරීක්ෂාවට ලක් නොකළ යුතුය යන තීන්දුව අභිබැවීමේ උත්සාහයක යෙදෙමින්, ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියාය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගත් බවට හා සිවිල් වැසියන් මිනිස් පළිහ ලෙස භාවිතා කළ බවද, රජය සාමාන්‍ය වැසියන් පිරී සිටි ප්‍රදේශවලට සීමාන්තික ලෙස ෂෙල් ප්‍රහාර එල්ල කළ බවද ඇය චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ තක්සේරු අනුව ආසියාවේ දීර්ඝතම යුද්ධයක් වූ මෙයින් 80,000ත් 100,000ත් අතර ජනයා මිය ගියහ. අර්බුද කලාපයෙන් පැන ආ 300,000ක් පමණ ජනයා සරණාගත කවුරුවල වෙසෙති.

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂට ලියුමක් ලියන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී කියන්නේ අනාථ කඳවුරුවල වෙසෙන වයස්ගත පුද්ගලයන් ගණනාවක් ඔවුන් කැටුව යාමට ස්වේච්ඡාව‍න් පැමිණි අය වෙත ලබා දී ඇති මුත්, තවත් බෙහෝ දෙනෙක් හඳුනාගැනීමටවත් නොහැකිව කඳවුරුගතව සිටින බවයි. "ඔවුන් ටිකින් ටික මිය යමින් සිටින බව කියන්නට මම අදිමදි නොකරමි. ඈත ස්ථානවල හා පිටරට හොඳින් ජීවත් වන ඔවුන්ගේ දරුවන් සහ වෙනත් නෑයින් ඔවුන් සිටින තැන් සොයාගත නොහැකිව දුකට පත්ව සිටිති. බිහිරිව සිටින ඇතැමෙක් ශබ්දවාහිනීවල නිවේදනවලට ප්‍රතිචාර නොදක්වති. ඇතැමෙක් කෑම ගැනීමට බලාසිටීමේදි විඳින දුක වචනයෙන් විස්තර කළ නොහැක,"යි සංගරී පවසයි.

ඔහු තවදුරටත් පැවසුවේ දැඩි ලෙස නරක් වී තිබුණු හඳුනා නොගත් මළ සිරුරු 66ක් ගිය සතියේ පමණක් වවුනියාවේ පූන්තෝට්ටම් කනත්තේ වැළලූ බවයි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA