|
||||||||||||||
|
දෙමළ සරණාගතයන් නිදහස් පුරවැසියන් ලෙස සලකන්න නව වාමාංශික පෙරමුණ ඉල්ලයි (W3Lanka, මැයි 31, 2009) දෙමළ සිවිල් වැසියන් තුන් ලක්ෂයක් ඔවුන් වෙත ළඟා වීමේ සහ නිදහසේ එහෙ මෙහෙ යාමේ අවස්ථාව අහිමි කර, බොහෝ දෙනෙකුගේ අකැමැත්ත මධ්‍යයේ කඳවුරුවල සිර කරගෙන සිටින බව නව වාමාංශික පෙරමුණේ සභාපති ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. "රජය මුලදී කියා සිටියේ මෙම සිවිල් වැසියන් සමඟ මිශ්‍ර වී සිටින එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අය වෙන් කළ යුතු බවයි. දැන් රජය කියන්නේ එවැනි 10,000ක් දෙනා වෙන් කර ඇති බවයි. සෙසු පිරිස සියලු මානව හිමිකම් සහිත මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ වෙති. රජය ඔවුන් බලෙන් රඳවාගෙන සිටින්නේ ඔවුන් විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා හමු වීමට ඉඩ ලබා නොදෙමිනි," යි ආචාර්ය වික්‍රමබාහු පවසයි. ඔවුන් නිදහස් පුරවැසියන් ලෙස සලකන ලෙසද, බාහිර පුද්ගලයන් සමඟ නිදහසේ සබඳතා පැවැත්වීමට ඉඩ දෙන ලෙසද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට හා වෙනත් උදව් කරන්නන්ට ඔවුන් වෙත ප්‍රවේශය ලබා දෙන ලෙසද නව වාමාංශික පෙරමුණ ඉල්ලා සිටියි. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||