|
||||||||||||||
|
සුනන්ද දේශප්‍රිය ඉලක්ක කර දැවැන්ත මාධ්‍ය ප්‍රහාරයක් වරද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ඇමතීම (W3Lanka, මැයි 31, 2009) නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනන්ද දේශප්‍රිය රජයේ හා රාජ්‍ය පාක්ෂික ජනමාධ්‍යවල දැවැන්ත ප්‍රහාරයකට ඉලක්ක වී සිටියි. ඒ ඔහු මැයි 26, 27 දිනවල පැවැත්වුණු ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ විශේෂ සැසි වාරය අමතා යුද කලාපයේ සහ ඉන් පිටත සිදු වී තිබෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ කොමිෂමක් පත් කරන්නැයි රජයට බල කරන ලෙස කරන ලද ප්‍රකාශය හේතුවෙනි. ශ්‍රී ලංකා රජය යුද්ධය අරභයා එහි ක්‍රියාකලාපය විවේචනය වන පරිදි අදහස් ප්‍රකාශ කිරීම ඉවසන්නේ නැත. මානව හිමිකම් සභාවේදී ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ප්‍රාණඇපකරුවන් ලෙස තබා ගන්නා ලද දසදහස් සංඛ්‍යාත පුරවැසියන් මුදාගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජයට ස්තුති කරන හා රටේ පශ්චාත් යුදකාලීන ඉදිකිරීම් සඳහා මුල්‍ය ආධාර ඉල්ලා සිටින යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සාමාජික රාජ්‍යයන් 29ක් එයට පක්ෂව ඡන්දය දුන්හ. රටවල් 12ක් විරුද්ධ වූ අතර, හයක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||