W3lanka.com

NEWS IN
ENGLISH

තිස්ස විතාරණත් නන්දිකාඩල් කලපුවේ?
විමල් වීරවංශගෙන් අනතුරු ඇඟවීමක්

(W3Lanka, මැයි 31, 2009)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට අනුව විද්‍යා හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණ‍ගේ ඉරණමද කොටි නායක ප්‍රභාකරන්ගේ ඉරණමට සමාන විය හැකිය.

මෑතදී කොළඹදී පැවති නීතිඥ එච්. එල්. ද සිල්වා සමරු වැඩසටහනේදී වීරවංශ කීවේ ‍ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ ප්‍රභාකරන් මරා දමනු ලැබුවේ ෆෙඩරල්වාදයත් පරාජය කරමින් බවයි.

ඔහු වැඩිදුරටත් කී පරිදි ආරක්ෂක හමුදාවල ජයග්‍රහණය අවතක්සේරු කරමින් තිස්ස විතාරණ හෝ වෙනත් කෙනෙකු ෆෙඩරල්වාදය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළහොත් ඕ අයගේද ඉරණම ප්‍රභාකරන්ගේ වැනි වනු ඇති බවයි.

සමසමාජ පක්ෂය නියෝජනය කරන ඇමති තිස්ස විතාරණ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජාතික ප්‍රශ්නයට බලය බෙදීම හරහා විසඳුම් සෙවීම සඳහා පත් කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයායි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA