|
|||||||||||||||
|
දෙමළ ජාතික සන්ධානය කරුණානිධිගේ සහාය පතයි (W3Lanka, ජුනි 01, 2009) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මාවෛ සේනාධිරාජා සහ සෙල්වම් අඩෛකලනාදන් යන මන්ත්‍රීවරු සෙනසුරාදි තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි ඔහුගේ නිවසේදී හමු වී ලංකාවේ අලුත්ම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළහ. ලංකාවේ ජීවත් වන දෙමළ ජනයාගේ සටනට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටි බවද, ලංකාවේ දෙමළ ජනයා පුනරුත්ථාපනය කිරීමේ සියලු කාර්යයන්හිදී උදව් කිරීමට ඔහු පොරොන්දු වූ බවද සම්බන්ධන් පවසයි. 2003දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයෙන් කැඩී ගිය එහි උප නායක වූද, දැන් රජයේ ඇමතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෑතදී කීවේ දැන් ලංකාවේ දෙමළ ජනයාගේ භාරකරු තමිල්නාඩු මහඇමති බවයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉරිදා ලංකාදීප පුවත්පතට කීවේ කොටි සංවිධානය හා සම්බන්ධව සිටි දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවෙන් පළවා හැරිය යුතු බවයි. දෙමළ ජාතික සන්ධානය බසුගියදා පැවති ඉන්දීය මහ මැතිවරණයේදී මධ්‍යස්ථ ස්ථාවරයක් ගත්තේය. එහෙත් කොටි සංවිධානය වක්‍ර ලෙස ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් සන්ධානයට සහාය දැක්වූ මුත් එය තමිල්නාඩුවේදී පරාජයට පත් විය. මැතිවරණ ව්‍යාපාරයේදී ජයලලිතාත් කරුණානිධිත් තරගයට මෙන් ලංකාවේ දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයකට සහාය ප්‍රකාශ කළහ. එහහෙත් විචාරකයන් කියන්නේ ලංකාවේ ප්‍රශ්නය තමිල්නාඩු මැතිවරණයේදී ඡන්ද සඳහා බලපෑමක් කර නැති බවයි.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||