W3lanka.com

NEWS IN
ENGLISH

Damilvany Gnanakumar

පෝද්දල ජයන්තට පහර දෙන්නට ඇත්තේ කුපිත වූ ජනතාව විය හැකි යයි හෙට තවත් ජනමාධ්‍යවේදීන් පිරිසක් කියනු ඇත.

වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්තට පහර දී මඟ දමා යති

(W3Lanka, ජුනි 01, 2009)
වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත අද සවස නුගේගොඩ, ඇඹුල්දෙනිය ප්‍රදේශයේදී පැහැරගෙන ගිය පිරිසක් ඔහුට දැඩි ලෙස පහර දී දෙපාවලට හානි සිදු කර මඟ දමා ගොස් ඇත. දැනට ඔහු ජාතික රෝහපේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර යටතේ පස් වෙයි. ජීවිත අනතුරක් නැත.

ලේක්හවුස් ආයතනයේ සේවයේ නියුතු පෝද්දල ජයන්ත ජයන්ත දිගින් දිගටම තර්ජන යටතේ ජීවත් වූ මාධ්‍යවේදියෙකි. පසුගිය දිනවල රාජ්‍ය මාධ්‍ය විසින් නම් සඳහන් නොකරන ලද මාධ්‍යවේදීන් පිරිසක් කොටි සංවිධානයේ උවමනාවන් මත කටයුතු කළ ද්‍රෝහීන් පිරිසක් ලෙස හඳුන්වන ලදී. ඇතැම් රූපවාහිනී වැඩසටහන් අතරතුර පෝද්දල ජයන්ත නායකත්වය දෙන ලද උද්ඝෝෂණවල දර්ශනද පෙන්වන ලදී. මෙම පහරදීම සිදු වන්නට ඇත්තේ එම උසිගැන්වීම් හේතුවෙන් විය හැකි බව මාධ්‍ය ක්‍රියාකාරිකයේ පවසති.

පෝද්දල ජයන්තගේ රැවුල හා කො‍ණ්ඩයද පහර දුන් අය විසින් කපා දමා ඇත. පහර දීම පිටුපස ඝාතන උවමනාවක් තිබූ බව නොපෙනේ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA