|
|||||||||||||||
|
පොට්ටු අම්මාන්ට ඇත්තෙන්ම වුණේ මොකක්ද? මැරුණාද? පැන්නාද? (W3Lanka, ජුනි 02, 2009) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ට සිදු වූ දෙය කුමක්ද යන්න තවමත් අභිරහසක්ව පවතී. ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට කටකතා පැතිර යද්දී, රජය නම් පෙන්වන්නේ ඔහු මිය ගිය බව තමන්ට ප්‍රත්‍යක්ෂ බවකි. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාවටද, මහ බැංකු බෝම්බය ඇතුළු සිද්ධි රාශියක් පිළිබඳව ලංකාවටද අවශ්‍යව සිටින පොට්ටු අම්මාන්ගේ මළ සිරුර සොයාගැනීමට රජය අසමත් වී තිබේ. රජයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරන පරිදි එල්.ටී.ටී.ඊ. කණ්ඩායම් හමුදා පාලන ප්‍රදේශවලට එන්නට පෙර පොට්ටු අම්මාන් මිය ගිය බවට යටත් වූ කොටි ක්‍රියාධාරයකු හෙළි කරන තොරතුර හමුදා විශ්වාස කරයි. ඩිෆෙන්ස් වයර් වෙබ් අඩවිය පවසන පරිදි "ඔහු මැයි 17 දින සවස හා 18දා පාන්දර වන විටත් ජීවතුන් අතර සිටි බව අලුත්ම ඇසින් දුටු සාක්ෂි පවසයි. මැයි 19 දින පාන්දර වෙල්ලමුල්ලිවයික්කාල්හි වටකිරීමකදී ඔහු කොටු විය. අනතුරුව බර අවිවලින් සහාය ලද විශේෂ බලකාය ඉදිරියට ගියේය." පොට්ටු අම්මාන් යුද හමුදා බුද්ධි අංශයට අසු වී හිඳිමින් හමුදාවේ සිටින ඔත්තුකරුවන් ආදීන් පිළිබඳ තොරතුරු කියමින් සිටින බවට වාර්තාද එම වෙබ් අඩවිය ප්‍රතික්ෂේප කරයි. කලින් එල්.ටී.ටී.ඊ. අණ දෙන නිලධාර්යකු වූ, දැන් ඇමතිවරයකු වන කරුණා අම්මාන් මෑතදී කීවේ එල්.ටී.ටී.ඊ.ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී කේ. පී. ගුවන් විදුලි සාකච්ඡාවකදී පොට්ටු අම්මාන් මිය ගියේ යයි පිළිගත් බවයි.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||