W3lanka.com

NEWS IN
ENGLISH

සතියක් වසා තබනු! විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට "ද්‍රෝහීන් සඳහා වූ දැනුම් දීමක්" ලැබිලා

(W3Lanka, ජුනි 03, 2009)
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ලැබුණු "ද්‍රෝහීන් සඳහා වූ දැනුම් දීමක්" මඟින් රණ විරුවන්ට උපහාර පිණිස සතියක කාලයක් ආයතනය වසා තබන ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ.

ලංකා මාතාවට එරෙහිව දුෂ්ඨ ක්‍රියාවල යෙදෙන තොප වැනි ද්‍රෝහීන් පරාජය කිරීමෙන් මෙම විජයග්‍රහණය ලබාගෙන ඇති බව ලිපියේ සඳහන් වෙයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු පවසන්නේ මෙම අනතුරු ඇගවීම පිළිබඳ පොලිසියට හා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි. තමන් නීති විරෝධී කටයුතු කිසිවක් නොකරන හෙයින් සාමාන්‍ය ලෙස වැඩ කටයුතු කරගෙන යන බවද ඔහු පවසයි.

කොළඹට බෝම්බකරුවන් පැමිණීම වැළැක්වීම පිණිස කොළඹ ලොජ්වල නවාතැන් ගෙන සිටින දෙමළ වැසියන් ආපසු ගම් ප්‍රදේශ වෙත යැවීම සඳහා ආරක්ෂක අංශ 2007දී ගත් ක්‍රියාමාර්ගයක් වැළැක්වීමට සාර්ථක ලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමත් විය.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA