|
|||||||||||||||
|
පිලිපීන කැරැළිකරුවන් විසින් පැහැරගෙන ගිය ලාංකික සාම ක්‍රියාකාරිකයා නිදහස් ප්‍රතිකාර සඳහා එමින් සිටියි (W3Lanka, ජුනි 04, 2009) පිලිපීනයේ අබු සායෆ් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සාම ක්‍රියාකාරිකයකු එම සංවිධානය විසින් නිදහස් කර තිබේ. උමාර් ජලීල් නම් මෙම ශ්‍රී ලාංකිකයා අහිංසාවාදී සාම බලකාය හෙවත් Nonviolent Peaceforce සංවිධානයේ සාමසාදකයකු ලෙස පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ බාසිලාන් දූපත්හි සේවය කළේය. ජලීල් දැන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙමින් සිටින බව අහිංසාවාදී සාම බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔහු නිදහස් කරනු ලැබුවේ පැහැරගෙන ගිය පුද්ගලයන් අයත් සංවිධානයේ ප්‍රකාශකයකු සමග අහිංසාවාදී සාම බලකාය කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බව එම සංවිධානය කියයි. අබු සායෆ් යනු දකුණුදිග පිලිපීන දූපත් වන බංසොමෝරෝහි හෙවත් ජෝලෝ, බාසිලාන් හා මින්දනාඕ දූපත්වල වෙනම රාජ්‍යයක් සඳහා තිස් වසරක් තිස්සේ සටන් කරමින් සිටින ඉස්ලාමීය කැරැළිකාර සංවිධාන අතරින් එකකි. පිලිපීනය කතෝලික බහුතර ජනතාවක් වෙසෙන රටකි.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||