W3lanka.com

NEWS IN
ENGLISH

පශ්චාත් යුද කාලීන දඩයම නවතන්න
හියුමන් රයිට්ස් වොච් සංවිධානය රජයෙන් ඉල්ලයි

(W3Lanka, ජුනි 04, 2009)
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ පරාජය විසින් අතුරුදහන් වීම්, නීති විරෝධී ඝාතන හා රජය විවේචනය කරන්නන් සිරගතකිරීම් අලුතෙන් ඇති ‍නොකරන බවට ශ්‍රී ලංකා රජය තහවුරු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

යුද සමයේදී රජය විවේචනය කළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය සැරසෙමින් සිටින බව එහි නිවේදනවලින් පෙනෙන බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

හියුමන් රයිට්ස් වොච් ආසියානු අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් පවසන්නේ රජය සෑමෙදනා‍‍ගේම, විශේෂයෙන්ම දෙමළ ජනයා‍ගේ, අයිතිවාසිකම්වලට ගරු කරන බව පැහැදිලිව පෙන්විය යුතු බවයි. "අතීතයේදී ඒල්.ටී.ටී.ඊ. බල කඳවුරු බිඳවැටුණු අවස්ථාවලදී සිදු වූ මානව හිමිකම් උල්ලඝනයන් නැවත සිදු නොවන බවට ශ්‍රී ලංකා රජය වග බලා ගත යුතුය. ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැඟීම සඳහා ‍මෙය අතිශය වැදගත්ය,"යි හේ පවසයි.

"දේශපාලන විරුද්ධවාදීන්, විවේචකයන්, අවතැන් වූ ජනයා, අල්ලා ගන්නා ලද සටන්කරුවන් ඇතුළු සියලු පුරවැසියන්ගේ හිමිකම්වලට ගරු කිරීම තුළ ශ්‍රී ලංකා‍වේ අනාගතයට වැදගත් දීර්ඝකාලීන වටිනාකම් ඇති බව රජය හඳුනාගත යුතුය," යි බ්‍රැඩ් ඇඩම්ස් වැඩිදුරටත් පවසයි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA