W3lanka.com

NEWS IN
ENGLISH

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපසු රජයට
පෞද්ගලීකරණය මුල සිටම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි

(W3Lanka, ජුනි 04, 2009)
2003දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට හිමි ඩිස්ටිලරීස් සමාගමට පෞද්තලීකරණය කිරීම නීති විරෝධී බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ආපසු රජයට පවරා දෙන ලෙසද, මිළ දී ගැනීමේදී සමාගම ගෙවූ රුපියල් බිලියන 6ක මුදල භාණ්ඩාගාර බිල්පත් මගින් ආපසු ගෙවන ලෙස අද තීන්දු කළේය.

ඩිස්ටිලීස් සමාගම විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පවත්වාගෙන ගිය සමයේ උපයන ලද ලාභය ඔවුන්ටම තබා ගත හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

මෙම පෞද්ගලීකරණාය්දී අදාළ රාජ්‍ය නිලධාරීන් කැබිනට් මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව කටයුතු කර ඇති හෙයින් පෞද්ගලීකරණ ක්‍රියාවලිය මුල සිටම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර නීතිඥ විරාන් කොරයා සහ එම්. ඒ. සුමන්තිරන් මගින් පවරන ලද නඩුවට පසුකලක මහජන අවශ්‍යතා පිළිබඳ ක්‍රියාකාරික නිහාල් ශ්‍රී අමරසේකර මහතාද සම්බන්ධ විය. එම දූෂිත ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔවුහු ඉල්ලා සිටියහ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA