|
|||||||||||||||
|
පළාත් සභා ක්‍රියාත්මක කරන්න ලංකාව ඇමරිකාවට පොරොන්දු වෙයි දෙමළ අයට මදිලු; සිංහල පක්ෂ පළාත් සභා අහෝසි කරන්න ඉල්ලයි (W3Lanka, ජුනි 05, 2009) මෑතදී සිංගප්පූරුවේදී ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජේම්ස් ස්ටෙයින්බර්ග් හමු වූ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන ආ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ක්‍රියාත්මක කළ පළාත් සභා ක්‍රියාවට නඟන බව සහතික විය. කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී එක්සත් ජනපදය ලබා දුන් සහායටද විදේශ ඇමතිවරයා ස්තුති කළේය. 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරන ලදමුත් විසි වසරකට පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය යළි වෙන් කරන ලදී. එහෙත්, මධ්‍යස්ථ දෙමළ හා මුස්ලිම් පක්ෂ පවා පළාත් සභා බලතල ප්‍රමාණවත් නැති බව පවසයි. පළාත් සභා ක්‍රමයේ ඇති සමගාමී ලැයිස්තුව විසින් ලබා දෙන ලද බලය ආපසු මධ්‍යම රජයට පවරා ගන්නා බව මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් පවසයි. ජනාධිපති විසින් පත් කර තිබෙන ඇමති තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් යුත්සර්ව පාක්ෂික නියෝජිත කමිටුව මෙම සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමට යෝජනා කරන්නට යයි. එහෙත්, රජයේ සන්ධාන පක්ෂ වන සිංහල අන්තවාදී ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය මෙම පියවරවලට විරුද්ධය. මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි කර දමා සියලු බලතල ආපසු මධ්‍යම රජයට පවරා ගන්නා ලෙසයි.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||