|
|||||||||||||||
|
යුද්ධයෙන් සිවිල් වැසියන් 3000ත් 5000ත් අතර මිය ගිය බව ලංකාව කියයි මාධ්‍ය හා එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කරයි (W3Lanka, ජුනි 01, 2009) ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ තක්සේරු කරන පරිදි ලංකාවේ යුද්ධයෙන් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 3000ත් 5000ත් අතර වේ. එසේ සිදු වූයේ කොටින් විසින් ඔවුන් මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම නිසා බවත්, ඔවුන් විසින් ඇති කරන ලද ප්‍රාණ ඇපකරුවන්ගේ තත්වයයේදී සංඛ්‍යා ඉහළ ගිය බවත් ඔහු බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට පවසයි. මේ පිළිබඳව තමන් හමුදාවෙන් විමසූ බවද, ඔවුන් බර අවි පාවිච්චි නොකළේ යයි කී බවද විජේසිංහ පවසයි. එහෙත් සැහැල්ලු අවියක් ලෙස සැලකෙන මිලිමීටර් 81 මෝටාර් කොටින්ගේ යුද ටැංකි ඇතුළු බර අවිවලට එරෙහිව භාවිතා වූ බව හේ පවසයි. මෙම පැහැදිලි කිරීම පිළිබඳව ගාඩියන් පුවත්පතට අදහස් දක්වන නම සඳහන් නොවූ බ්‍රිතාන්‍ය නිලධාරියෙකු පවසන්නේ බර අවි පිළිබඳව එකඟ වූ අර්ථකථනයක් නැති බවයි. සිවිල් වැසියන් සීමිත බිම්කඩක තදබද වී සිටි යුද්ධයයේ අවසාන භාගයේදී එවැනි ඕනෑම අවියක් විනාශකාරී ප්‍රතිඵල ඇති කරන බව ඔහු කීවේය.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||