|
|||||||||||||||
|
කොටි සංවිධානය භාවිතා කළ ඉඩම් රජයට එල්.ටී.ටී.ඊ. රණවිරු පවුල්වලට දුන් ඉඩම් ආපසු පවරා ගැනේ (W3Lanka, ජුනි 06, 2009) දෙමළ ඊලාම් කොටි සංවිධානය විසින් උතුරේ නිල නොවන රාජ්‍යයක් පවත්වාගෙන ගිය සමයේ යුදමය සහ පරිපාලන ආදී කටයුතු සඳහා භාවිතා කළ ඉඩම් රාජසන්තක කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය පවසයි. එසේම කොටි සංවිධානයේ බලපෑම යටතේ ජනතාව අතර බෙදා දෙන ලද ඉඩම්, විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. මහ විරු පවුල්වලට ලබා දුන් ඉඩම් ආපසු ලබා ගන්නා බව ඉඩම් හා ඉඩම් සංවර්දන ඇමති ජීවන් කුමාරතුංග පවසයි. ඇමතිවරයා කලින් කියා ඇති පරිදි ඉඩම්වල භුක්තිය තහවුරු කළ නොහැකි අවතැන් වූවන්ට පර්චස් 20 බැගින් ඉඩම් ලබා දෙනු ලැබේ. අමාත්‍යංශයට අනුව වැසියන්ගෙන් 80%කටම ඉඩම් අයිතිය තහවුරු කිරීමට නිල ලේඛන නැත. මන්නාරම, මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනගහණයෙන් 75%ක් පමණ ගොවීහු වෙති.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||