W3lanka.com

NEWS IN
ENGLISH

රජය මුදලට නිල් පෙන්නන්න යයි
බල්ලන් මරා හෝ සල්ලි හොයමු!

(W3Lanka, ජුනි 07, 2009)
කුණුහරුප හා ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි පෙරහන් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

එහෙත්, එවැනි වෙබ් අඩවි සංඛ්‍යාවේ විශාලත්වය හා දිනන් දින අලුතින් බිහි වන ප්‍රමාණය අනුව, එය දුෂ්කර කර්තව්‍යයක් බව සේවා සපයන්නන් විසින් රජයට දැනුම් දී තිබේ.

මේ අතර, උග්‍ර මුල්‍ය අර්බුදයක සිටින රජය හා විදුලි සංදේශ නියාමන කොමිෂම මේ වන විට අලුත් ලාභදායී ව්‍යාපාරයකට අවධානය යොමු කර තිබේ. එනම්, මෙවැනි 'නරක' වෙබ් අඩවි බලන්නට කැමති අයට ඒ සඳහා මුදල් ගෙවා ලබා ගත හැකි මුරපදයක් ලබා දෙන ක්‍රමයක් ඇති කිරීමට සේවා සපයන ආයතන යොමු කිරීමයි. එමගින් රජය ලබන බදු ආදායමද වැඩි කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA