W3lanka.com

NEWS IN
ENGLISH

රක්ෂණ සංස්ථාව ආපසු ගැනීමේ තීන්දුවෙන් රජයට අලුත්ධනය
රාජපක්ෂ පාලනයට ගජ වාසි

(W3Lanka, ජුනි 07, 2009)
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැරී ජයවර්ධනට විකිණීම නීති විරෝධී බව ප්‍රකාශ කරමින් එය ආපසු පවරා ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සමගම පෞද්ගලික රෝහල් තුනක හා බැංකු දෙකක වැඩි අයිතිය රජයට හිමි වී තිබේ.

රක්ෂණ සංස්ථාව ඇපලෝ රෝහල හිමි ලංකා රෝහල් සමාගමේ කොටස්වලින් 53.8%ක්ද, ආසිරි රෝහලේ කොටස්වලින් 27%ක්ද, ආසිරි ශල්‍ය රෝහලේ කොටස්වලින් 19%ක්ද හිමිව ප්‍රධාන කොටස්කරුවා වී සිටි අතර දැන් එම තත්වය මහා භාණ්ඩාගාරයට හිමි වී තිබේ.

රක්ෂණ සංස්තාව, ඩිස්ටිලරීස් සමාගම හා හැටන් නැෂනල් බැංකුව සතු කොටස් හරහා හැරී ජයවර්ධන DFCC බැංකුව පාලනය කළේය. රක්ෂණ සංස්ථාවට හිමි 11.23% සහ ලංකා බැංකුවට හිමි 14.55% සමග දැන් විශාලම කොටස් හිමිකරුවා වන්නේ මහා භාණ්ඩාගාරයයි.

රක්ෂණ සංස්ථාවේ අරමුදල් විසින් කොමර්ෂල් බැංකුවේ කොටස් 9.59%ක් අයිති කරගෙන සිටි අතර, ඒවා රජයට හිමි වීමත් සමග හැරීගේ ආධිපත්‍යය කොමර්ෂල් බැංකුවෙන්ද ගිලිහී තිබේ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA