|
|||||||||||||||
|
කොටින්ගේ අනාගතය කුමක්ද? කැනඩාවේ මැකෙන්සි ආයතනයේ විග්‍රහයක් (W3Lanka, ජුනි 08, 2009) ඔවුන්ගේ අසාමාන්‍ය ජාත්‍යන්තර සංවිධාන ජාලය හා සියලු කටයුතුවලදී දැකිය හැකි සමස්ත දක්ෂභාවය හේතුවෙන් 1980 දශකයේ මුල පටන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය අධ්‍යයනයන්ට ආකර්ශනීය වූ බව ත්‍රස්තවාදය, විප්ලව සහ අදහස් ප්‍රචාරණයන් අධ්‍යයනය කරන කැනඩාවේ බුද්ධි මණ්ඩපයක් වන මැකන්සි ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජෝන් සී. තොම්සන් පවසයි. පහත පළ වන්නේ ඔහු විසින් සකසන ලද ලේඛනයක උපුටාගැනීම්වල සංක්ෂිප්ත පරිවර්තනයයි. මුල් ලිපිය සඳහා අපගේ ඉංග්‍රීසි නිවහන් පිටුවට යන්න. කොටි සංවිධානය බටහිර යුරෝපයේ මතු වුණේ ස්විට්සර්ලන්තය, ඉතාලිය ආදී තැන්වල දෙමළ මත් ද්‍රව්‍ය බෙදාහරින්නන්ගෙනි. ඒ ඔවුන්ගේ ගරිල්ලා ක්‍රියාකාරකම් මතු වන්නට බොහෝ පෙරයි. ඔවුන්ගේ යුදමය ස්වරූපී විනය පොලිස් පරීක්ෂණවලදී අවධානයට ලක් විය. දෙමළ විදෙස්ගත ප්‍රජාවේ මුල් සාමාජිකයන් වූයේ ඔවුන්ය. නීති විරෝධී සංක්‍රමණයන්ට අවශ්‍ය ව්‍යාජ ලේඛන සැකසීමේ කොටින් සතු දක්ෂභාවයද මෙහිදී පොලිස් අවධානයට ලක් විය. දෙමළ අපරාධ ජාලය විශාල වශයෙන් කොටි සංවිධානයේ අවශ්‍යතා වෙනුවෙන් සකසා තිබුණු අතර, මේ දක්වා එය වෙතින් පළ වූයේ ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙන්ම බවයි. එහෙත් ආරම්භක නායකයාගේ සහ ගරිල්ලා හමුදාවේ විනාශයත් සමග මෙම ජාලයට කුමක් සිදු වේද? දීර්ඝ කාලීන රැකියා මාර්ග සැපයූ මෙම ජාලය විසිරී නොයනු ඇත. ඒ වෙනුවට ඔවුන්ට ලාභය තමන් වෙතම තබා ගත හැකි අතර, කොටි සංවිධානය නැවත මතු වන තෙක් එසේ කරන බවට එකිනෙකාට කියමින් තමන් රවටා ගත හැකිය. කෙසේ වෙතත්, මෙම දෙමළ මාෆියාවේ කටයුතු පාලනය කළ කොටි සංවිධානය නැති අවකාශයක් තුළ පළපුරුදු ගරිල්ලන්ගෙන් සැදුම් ලත් එය ඉතා අනතුරුදායක ලෙස වර්ධනය විය හැකිය. ශ්‍රී ලාංකික දෙමළ ජනයාගෙන් අති බහුතරය මෙම මාෆියවේ සාමාජිකයෝ නොවෙති. ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ සහ දරුවන්ගේ ජීවිත වඩා හොඳ තත්වයට පත් කරගැනීමයි. කොටින්ගේ මතු වීමට පෙර ලංකාවෙන් සංකුමණය වූ සිංහල හා දෙමළ වැසියන් අතර පොදු ශ්‍රී ලාංකික සංස්කෘතියක් තිබුණද, කොටි සංවිධානය මහා පරිමාණ සංක්‍රමණයන් සඳහා උදව් කරන්නට පටන් ගත් තැන් පටන් තත්වය වෙනස් විය. විදෙස්ගත ප්‍රජාව අතර සිටි කොටි නායකයෝ දෙමළ අය සිංහල මර්දනයේ ගොදුරුය යන ස්ථාවරය මත වෙනම දෙමළ අනන්‍යතාවක් නිර්මානය කළහ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ විදෙස්ගත ප්‍රජාවක් නොසිටි ලාංකීය දෙමළ ජනයා වෙනුවෙන් දෙමළ විදෙස්ගත ප්‍රජාවක් නිර්මානය කිරීමට කොටි සංවිධානය සමත් වීමයි. එම විදෙස්ගත ප්‍රජාවේ සියලුම අංශයන් ලෝක දෙමළ ව්‍යාපාරය, කැනේඩියානු දෙමළ සංවිධාන සම්මේලනය වැනි කොටින්ගේ පෙරමුණු සංවිධාන විසින් දැඩි ලෙස පාලනය කරන ලදී. සංක්‍රමණික සේවා, දෙමළ ජනමාධ්‍ය, සංස්කෘතික කටයුතු, වෘත්තීය පුහුණුව පමණක් නොව ඇතැම් විට කුඩා දරුවන් රැක බලා ගැනීම පවා එල්.ටී.ටී.ඊ. පෙරමුණු සංවිධාන විසින් පාලනය කරන ලදී. මෙහි ප්‍රතිඵලය ලෙස ප්‍රභාකරන්ට හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට නොකැමැති දෙමළ ජනයා පවා නිහඬව සිටින්නට පටන් ගත්හ. විවේචනය භයානක විය. කොටි සංවිධානය ඔවුන්ගෙන් 'යුද බදු'ද සූක්ෂම ලෙස උකහා ගත්තේය. මෙම ජාලයට දැන් සුක්කානමක් නැත. එහෙත්, මෙතරම් දිග කාලයක් ඒවා දැඩිව පාලනය කළ ක්‍රියාධරයන්ද, යුද බදු එකතු කරන ජාලයද එසේම තිබියදී ශ්‍රී ලාංකික විරෝධය නඩත්තු කිරීම ඔවුන්ගේ පෞද්ගලික උවමනාවක් හා රැකියාව බවට පත් වේ. බටහිර රටවලට මෙහිදී විශේෂ අභියෝගයක් තිබේ. දෙමළ කොටින්ගේ පාලනයෙන් තොර නව සංවිධාන මතු වන තෙක් සංක්‍රමණික ප්‍රජාවේ ආයතන සියල්ලම මර්දනය කළ යුතු වේ. එසේ නොකළහොත්, පුහුණු ශ්‍රමික සංක්‍රමණිකයන්ගෙන් යුත් සමස්ත ප්‍රජාවක්ම නව සමාජයන්ට අනුගත නොවනු ඇත. දෙමළ සමාජයේ නායකත්වය වෙනස් කිරීමට නම් වේගය, අධිෂ්ඨානය සහ කෲරත්වය අවශ්‍ය වේ. පශ්ඩාත් එල්.ටී.ටී.ඊ. දෙමළ ප්‍රජාවේ තුන්වන පරම්පරාව දෙවන පරපුරට ඉතා කිට්ටුය. පසුගිය වසර 20ක් තුළ දෙමළ ජනමාධ්‍ය පූර්ණව පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සංක්‍රමණිකයන්ගේ දරුවන්ගේ දෙමළ අනන්‍යතාව පූර්ණ වශයෙන්ම හැඩගස්වා තිබෙන්නේ කොටි හිතවාදීන් විසිනි. මෙම තරුණ පරපුර සිතන්නේ ඔවුන්ගේ අනන්‍යතාව අනතුරට පත් වී ඇති බවයි. දුර්වල අනන්‍යතාවක් වෙනුවෙන් වැඩිපුර වන්දි ගෙවීම මනුෂ්‍ය ස්වභාවයේ මූලික ලක්ෂණයකි. ලංකාව දෙමළ ජනයා යටත් කරගෙන සිටින සමූලඝාතක සමාජයකැයි තේරුම් ගන්නා දෙමළ සංක්‍රමණිකයන්ගේ දරුවන් ඉදිරි දශකවලදී දැඩි ලෙස සටන්කාමී වන්නට ඉඩ තිබේ. මෙය මඟහැරවීමට ඇති එකම ක්‍රමය වන්නේ කොටි නායකත්වයේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිස්තරව ඉදිර්පත් කිරීමයි. එහෙත් එයද දුෂ්කරය. එම තොරතුරු එන්නේ ශ්‍රී ලංකා රජය වෙතින් නම් ඔවුන් ඒවා විශ්වාස කරන්නේ නැත. කොටින්ගේ ඉතුරු-බිතුරු තවමත් තිබුණත් ඔවුන්ගේ පාලනයට හසුව තිබුණු තරුණ විදෙස්ගත ප්‍රජාවට දැන් ඔවුන්ගේ ජීවිත පාලනය සියතට ගත හැකිය. ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වුවත්, එහි කරදර නිමා වූවත්, එය අවසන් නැත. ශ්‍රී ලාංකික දෙමළ විදෙස්ගත ප්‍රජාවට රැකවරණ සැපයූ රටවල් ඔවුන්ගෙන් ගත හැකි ප්‍රයෝජන උකහාගෙන ඇති මුත්, ඔවුන් අතර සිටින කොටින් පිළිබඳ අපගේ නොසැලකිල්ල වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදු වන බව තවම අවබෝධ කර ගත යුතුව තිබේ. නව කොටි විරෝධී නායකත්වයක් ප්‍රාතිහාර්ය ස්වරූපයෙන් මතු වී නොආවොත් දෙමළ විදෙස්ගත ප්‍රජාව තව බොහෝ කලක් යනතුරු සැබැවින්ම කොටින්ගේ බලපෑමෙන් හෝ සිවිල් යුද්ධයෙන් මිදෙන්නේ නැත.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||