|
|||||||||||||||
|
පොලිසිය මාස 18කදී අත්අඩංතුවට ගත් සැකකරුවන් 40ක් මරයි "මේවා නීති විරෝධී ඝාතන" - නීතිඥ සංමය (W3Lanka, ජුනි 09, 2009) සැකකරුවන් ලෙස පොලිස් අත්අඩංගවට ගන්නා ලද පුද්ගලයන් මරා දැමීමේ අනතුරුදායක ප්‍රවණතාව පිළිබඳ ශ්‍රී ලංකා නීති සංගමය අවසානයේදී අවදි වී තිබේ. නීතිඥ සංගමයට අනුව, පොලිසිය මේ වසරේ මේ දක්වා සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 25ක් මරා දමා ඇත. ගිය වසරේ මෙම සංඛ්‍යාව 15කි. සැකකරුවන් පොලිසියට පහර දී පළා යන්නට තැත් කරද්දී වෙඩි තැබුවේය යන පොදු හේතු දැක්වීම සෑම මරණයකදීම පාහේ ඉදිරිපත් කර තිබේ. මෙම ඝාතන නීතියට බැහැරින් කරනු ලබන මනුෂ්‍ය ඝාතන විය හැකි බව නීතිඥ සංගමයේ විධායක සභාව තහවුරු කර තිබේ. මේ සඳහා වූ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රමුඛ වාමාංශිකයකු වන මහනුවර ප්‍රාදේශීය නීතිඥ සංගමයේ සභාපති ලාල් විජේනායක විසිනි.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||