W3lanka.com

NEWS IN
ENGLISH

රජය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ට දැල දා ගනියි?
මන්ත්‍රී කිෂෝර් හදිසි නීති ඡන්දයෙන් වළකියි

(W3Lanka, ජුනි 10, 2009)
කොටි සංවිධානයේ බිඳ වැටීමත් සමග මඟ පෙන්වීමක් නොමැති තත්වයට පත් වී සිටින ලිහිල් ලෙස සකසන ලද සන්ධානයක් වන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් කීප දෙනෙකු දැලේ දමා ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

ඊයේ පැවති හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයේදී වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. කිෂෝර් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

යුද මුක්ත කලාපයේ සිට අවතැන් වූ සිවිල් වැසියන් සමග හමුදා පාලන ප්‍රදේශයට එමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. කනගරත්නම් නිදහස් කරන ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

මේ අතර, ඇමති විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මඩකලපු දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් කීපදෙනා බිලී බා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින බවද වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් යුද්ධය නැවත ආරම්භ වීමේ දිට දැඩි පීඩනයක සිටින අතර, ඔවුන්ගෙන් කීපදෙනෙකුම ස්වයංව රට්න් පිටුවහල්ව සිටිති. ජෝසප් පරරාජසිංහම් හා නඩරාජා රවිරාජ් යන මන්ත්‍රීන් දෙදෙනා ඝාතනයට ලක් වූහ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA