W3lanka.com

NEWS IN
ENGLISH

දැන් 13 හා ඉදිරියේදී 13ට තවත් එකතු කිරීම් ඒකීය ලංකාවක් තුළ
දයාන් ජයතිලක

(W3Lanka, ජුනි 14, 2009)
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක පවසන පරිදි "දෙමළ අතිජාතිවාදීන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඔවුන් ගමනේ අවසානයට පැමිණ තිබෙන බව. බටහිර රටවල සහ එක්සත් ජාතීන්ගේ පුළුල් කාර්ය භාරයක් ලංකාවේ සිදු වීම පිණිස ඔවුහු උද්ඝෝෂණය කරනවා. ආයතන සමග ජාලගත වී බලපෑම් කිරීම හරහා සිය අරමුණු ඉටු කරගන්න ඔවුහු උත්සාහ කරනවා. (ඊශ්‍රායලය බිහි වීමේ) සියොන්වාදී ව්‍යාපෘතිය අනුකරණය කිරීමට ඔවුන් දරන උත්සාහය අසාර්ථ වීමට නියමිතයි. සියොන් ව්‍යාපෘතිය සාර්ථක වූයේ වෙනස් කාලයක වෙනස් තත්වයන් තුළ බ්‍රිතාන්‍යය මැදපෙරදිග පාලනය කරද්දීයි. දෙමළ දේශපාලනයට ඇති එකම සැබෑ බලාපොරොත්තුව උතුරු - දකුණු සහජීවනය හරහා ලංකාව එකට තබාගැනීම හා 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එනම් දැන් 13 හා ඉදිරියේදී 13ට තවත් එකතු කිරීම් ඒකීය ලංකාවක් තුළ සිදු කිරීමයි."

අද දින 'ද නේෂන්' පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී කොටින් පරාජය වීම පිළිබඳ අදහස් දක්වන දයාන් ජයතිලක මෙසේ පවසයි. "මාඕ සේතුං හෝ වියට්නාම් නායකයන් මෙන් මහජන යුද්ධයක් නොකිරීම නිසායි කොටින් අසාර්ථ වුණේ. මා 2004 ලිපියක පෙන්වා දුන් පරිදි කොටින් අසාර්ථක වුණේ ඔවුන් වෙත යම් කලෙක සදාචාරමය හා ආචාරධාර්මික මඟපෙන්වීමක් තිබුණා නම් එයද අහිමි වීම නිසායි."


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA