W3lanka.com

NEWS IN
ENGLISH

යුද ජයග්‍රහණයේ ආර්ථික ලාභ නෙළාගැනීම ඇරඹේ
ධීවරයන්ට පනවා තිබූ තහංචි ලිහිල් කෙරේ

(W3Lanka, ජුනි 15, 2009)
පශ්චාත් යුද සමයේ ආර්ථික සාමයේ වාසි ස්පර්ශ කිරීම ආරම්භ කර තිබෙන රජය එහි එක් පියවරක් ලෙලස නැඟෙනහිර පළාතේ ධීවරයන්ට පනවා තිබූ සීමා අඩු කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව, ති‍්‍රකුණාමලය වරායෙන් පිටත සීමාවේ දිවා රාතී‍්‍ර පැය 24 පුරාම තෙප්පම් හැර අනෙක් සියලු යාත‍්‍රාවලට ධීවර කටයුතුවල නියැළීමට ඉඩ සැළසෙන අතර, අලුයම 4.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ තෙප්පම්වලට ධීවර කටයුතුවල නියැළීමට අවසර ලැබේ.

එසේම ඩිංගි යාත‍්‍රාවලට පිටතින් සවිකරන එන්ජින්වල ධාරිතාව සම්බන්ධයෙන් පනවා තිබූ සීමාව ලිහිල් කිරීමට තීරණය කොට ඇති අතර අශ්ව බල 25 දක්වා ධාරිතාවයකින් යුතු එන්ජින් සවි කිරීමට මේ අනුව ධීවරයන්ට ඉඩකඩ සැළසේ.

ධීවරයන්ට වරායෙන් පිටත මුහුදේ මසුන් මැරීමට යාමට පහසුවන පරිද්දෙන් ති‍්‍රකුණාමලය වරායේ විශේෂ ගමන් මාර්ගයක් සකස් කෙරෙන අතර ධීවරයන් ඇඳීරි වැටීමට පෙර නික්ම ගොස් උදෑසන හිරුඑළිය පතිත වූ පසු යළි පැමිණිය යුතු වේ.

ති‍්‍රකුණාමලය වරාය තුළ මසුන් මැරීමට පනවා තිබූ තහංචිද මේ අනුව ලිහිල් කෙරෙන අතර, මීට පෙර නියම කර තිබූ ප‍්‍රදේශ සීමා පස් ගුණයකින් ඉහළ දැමේ. මාදැල් ආශි‍්‍රත කටයුතුවල නියැළීමට ද ධීවරයන්ට අවසර ලැබෙන අතර රාතී‍්‍ර 8.00 ට පෙර මාදැල් එලා අවසන් කළයුතු වේ.

රට වටා මුහුද තිබියදීත් ලංකාව මත්ස්‍ය නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් වියදම් කරයි. වසරකට ආනයනය කරනු ලබන මාළු ටින් ගණන 61,000කි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA