W3lanka.com

NEWS IN
ENGLISH

වන්නි අවතැන් වූ ජනයා දමා ආ වාහන ඇතුළු දේපලවලට ආරක්ෂාවක් නැහැ
වෑන් රියක් පන්නාගෙන එද්දී ලුතිනන් අත්අඩංගුවට

(W3Lanka, ජුනි 15, 2009)
වන්නියෙන් සොරකම් කර රැගෙන එමින් සිටි ඩොල්පින් වර්ගයේ වෑන් රියක් හා ටී – 56 ගිනි අවියක් ඇතුළු උපකරණ රැසක් සමඟ හමුදා ලුතිනන් වරයෙකු පොලිස් කොස්තාපල් වරයකු ඇතුළු තිදෙනකු හබරණ පොලීසිය විසින් ඊයේ (14) අලුයම අත්අඩංගුවට ගන්නා ලද බව දිනමිණ පුවත්පත වාර්තා කළේය.

උතුරේ කොටි පාලන ප්‍රදේශවල ජනයා අවතැන්ව පළා ඒමේදී ඔවුන් සතුව තිබුණු වාහන, යතුරුපැදි, පාපැදි වැනි දේපල රැසක් මග දමා පැමිණ තිබේ. ඇතැමුන් මුදල් හා ස්වර්ණාභරණ වල දමා පැමිණ ඇති බවද කියැවේ. එම දේපලවල ඉරණම කුමක්දැයි සොයා බැලීමට කඳවුරුවලින් පිටතට යාමට ඔවුන්ට අවසර නැත. බොහෝ ඒවා ප්‍රහාරවලින් හා සෝදිසි මෙහෙයුම්වලදී හානියට පත් වී ඇතිමුත් හොඳ තත්වයේ වාහන දහස් ගණනක් තැන තැන දක්නට ලැබෙන බව වාර්තා වේ.

මෙම දේපලවල ආරක්ෂාව පිළිබඳ රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත. මීට පෙරද අවස්ථා කීපයකදී මෙම ප්‍රදේශවලින් භාණ්ඩ සොරකම් කරගෙක එමින් සිටියදී පුද්ගලයන් කීපදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. ඇතැම් සොරුන්ට ඉහළ රාජ්‍ය සම්බන්ධතා මත දඬුවම් නොවිඳ නිදහස් වීමේ අවස්ථාව ලැබුණු බවද ප්‍රසිද්ධ විය.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA