|
|||||||||||||||
|
දෙමළ විදෙස්ගත ප්‍රජාවේ කොටසක් පාර ජාතික පාලනයක් යෝජනා කරති දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුව එළියට පනියි (W3Lanka, ජුනි 16, 2009) දේශීයව යුදමය වශයයෙන් පරාජය කරන ලද, විදෙස්ගත දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ එක් අංශයක් ලෙස සැලකිය හැකි ටැමිල්නෙට් වෙබ් අඩවියේ කර්තෘවරු අලුත්ම සංකල්පයක් වන පාර ජාතික පාලනයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරති. සත්කාරක රටක් අවශ්‍ය වන, රටින් පිට පිහිටුවනු ලබන ආණ්ඩුවක් යන සම්ප්‍රදායික සංකල්පයට වඩා මෙය වෙනස් බව ටැමිල්නෙට් පවසයි. සත්‍යය නම් ඊලාම් දෙමළ ජනයාගේ රටින් පිට ආණ්ඩුවක් සඳහා කිසිදු රටක් සත්කාරක රාජ්‍යයක් වෙතැයි අපේක්ෂා කළ නොහැකි වීමයි. "කාලයේ අවශ්‍යතාව වන්නේ පවතින යටිතලය ප්‍රජාතන්ත්‍රවාදී හා ඇතුළත්කාරී පාර ජාතික ආණ්ඩුවක් බවට රූපාන්තරණය කර මව් රටේ ඊලාම් දෙදමළ ජනයාගේ නිදහස සහ ස්වෛරීත්වය දිනාගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඇති ජාත්‍යන්තර අභියෝගවලට ජාත්‍යන්තරව මුහුණ දීම සඳහා ඊලාම් දෙමළ ජනයා සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සවිමත් කිරීම" බව ටැමිල්නෙට් පවසයි. මෙහි 'පවතින යටිතලය' යන්නෙන් අදහස් කරන්නේ කොටි සංවිධානයේ සමාජ ජාලය, ප්‍රචාරණ සහ බලපෑම් කිරීමේ යාන්ත්‍රණ සහ ආධාර එකතු කිරීමේ වැඩසටහන් බව සිතිය හැකිය. බහුජාතික සමායතනවලට සාර්ථක බල මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක විය හැකි නම්, පාර ජාතික රාජ්‍යවලට එසේ කළ නොහැක්කේ මන්දැයි ටැමිල්නෙට් අසයි. දෙමළ විදෙස්ගත ප්‍රජාව හා නිජබිමේදෙමළ ජනයා අතර තත්වයන්ගේ වෙනස ප්‍රදර්ශනය කරමින් ටැමිල්නෙට් මෙසේ කියයි. "කොළඹ සහ දිල්ලියේ 'ආක්‍රමණිකයන්ගේ' යථාර්ථයට මුහුණ දීමට සිදු වන අයට පැවැත්ම සඳහා (එසේ) කළ හැකි අතර විදෙස්ගත ප්‍රජාව තුළ සමාන්තරව පාර ජාතික ආණ්ඩුවක් තිබිය යුත්තේ යටත් කර ගත නොහැකි වූ ඊලාම් දෙමළ ජනයාගේ ජීවගුණය නඟා සිටුවීමට, නිජබිමේ දෙමළ ජනයාගේ දේශපාලන ක්‍රියාමාර්ගවලට සහාය දීමට හා ඊලාම් දෙමළ දේශපාලනය වෙනත් අය විසින් පැහැර ගැනීමක් සිදු නොවන බවට වග බලා ගැනීමටයි. ස්වදේශික දෙමළ ජනයා විවෘතවම පාර ජාතික ආණ්ඩුවට අඩංගු කර ගැනීම අවශ්‍ය නොවන මුත් එකිනෙකා අතර සහයෝගයෙන් ක්‍රියා කිරීමක් තිබිය යුතුය." මේ සඳහා හදිසි නොවිය යුතු බව කියන ටැමිල්නෙට් පවතින යටිතලයේත් ඉන් බැහැර කවවලත් එකඟත්වය ඒ සඳහා අවශ්‍ය බව කියයි. පවතින යටිතලයේ අණ කිරීමේ ව්‍යූහය නියෝජන ව්‍යූහයක් කරා රූපාන්තරණය කිරීමේ සුවිසල් වගකීමක් ඔවුන් සතු බව ටැමිල්නෙට් පවසයි. මෙයින් අදහස් කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුදමය ව්‍යූහයේ පූර්ණ පරිවර්තනයකි. යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ටැමිල්නෙට් කර්තෘ මණ්ඩලය මෙසේ කියයි. " වඩුක්කොඩෛ මූලධර්ම යළි තහවුරු කිරීම, මුලින් ව්‍යවස්ථාදායක සභාවක් වන මන්ත්‍රණ සභාවක් සඳහා ජාතික හා ගෝලීය මට්ටමෙන් නියෝජිතයන් තෝරා පත් කරගැනීම, එයින් විධායකයක් තොරා පත් කරගැනීම ගත හැකි පියවර වේ. "ඊලාම් දෙමළ ජනයා අතර, හැකි තරම් බිම් මට්ටමේ ප්‍රජාතාන්ත්‍රික සංවිධාන පිහිටුවීමද යෝග්‍ය වන අතර ඒවා විසින් කළ යුත්තේ වත්මන් අවාසනාවන්ත තත්වයේ විවිධ පැතිකඩවලට මුහුණ දීමයි. පාර ජාතික පාලනයක උපරිව්‍යූහයේ ප්‍රජාතාන්ත්‍රික ස්වභාවය චිරස්ථායී කිරීම හා සුරක්ෂා කිරීම පිණිස එවැනි බිම් මට්ටමේ ආයතන උපකාරී වේ." සාර්ථක වුවහොත් හා කාලය විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත්, මෙම පාරජාතික ආණ්ඩුවට රටින් පිට ආණ්ඩුවක් බවටද පත් විය හැකි බව ටැමිල්නෙට් පවසයි.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||