|
|||||||||||||||
|
දේශපාලන අනුග්‍රහය ලබන පාතාල කල්ලි බියකරු ලෙස හිස ඔසවයි කප්පම් නොදුන් අය කෲර ලෙස මරා දැමේ (W3Lanka, ජුනි 17, 2009) එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමත් සමගම දේශපාලන අනුග්‍රහය ලබන පාතාල කල්ලි භයානක අන්දමින් හිස ඔසවමින් සිටින බව වාර්තා වේ. කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කුණු කන්ද ආශ්‍රිත පාතාල කල්ලියක් විසින් පැහැරගෙන ගොස් කෲර අන්දමින් මරා දමන ලද ධීවර නායකයකු වන මෝදර ලුනුපොකුණේ රංජිත් රූපස්ගේ අවමංගල්‍ය කටයුතු අද සිදු වීමට නියමිතය. කප්පම් ගැනීම සඳහා පැහැරගෙන යනු ලැබූ මෙම පුද්ගලයා ඇස් දෙකට වෙඩි තබා මරා මළ සිරුර මහ මග දමා ගොස් තිබිණි. ඔහුගේ පුත්‍රයා වන 21 හැවිරිදි සම්පත්වද පැහැර ගෙන ගොස් කෲර ලෙස වධ දී බෙල්ල කපා, වකුගඩුව තුවාල වන පරිදි පිහියෙන් ඇණ මේ වන විට අසාධ්‍ය තත්වයේ පසු වෙයි. මුදල් පොලියට දීම කරගෙන ගිය ව්‍යාපාරිකයකු වූ රූපස්ගේ නිවසට ඔහුගේ පුතාද රැගෙන පැමිණි මෙම පාතාල කල්ලිය නිවසේ තිබූ මුදල් හා රත්තරං තොගයක්ද රැගෙන ගොස් ඇති බව පවුලේ අය පවසති. රජයට සම්බන්ධ දේශපාලකයන්ගේ අනුග්‍රහය ලබන බව කියන මෙම පාතාල කල්ලිය කෙතරම් ප්‍රබලද යත්, ජනමාධ්‍ය මගින් මෙම කෲර සිද්ධිය ප්‍රචාරය වීම වැළැක්වීමට පවා ඔවුන් සමත් වී තිබේ.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||