W3lanka.com

NEWS IN
ENGLISH

කච්චතිවුහි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිකිරීම් ගැන ඉන්දීය අවධානය

(W3Lanka, ජුනි 17, 2009)
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කච්චතිවුහි කරන්නේ යයි කියන ඉදිකිරීම් කෙරෙහි ඉන්දීය අවධානය යොමු වී තිබෙන බව එරට ජනමාධ්‍ය පවසයි. කච්චතිවු යනු දෙරට අතර පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ට පුදනු ලැබූ කුඩා දේවස්ථානයක් සහිත අක්කර 285කින් යුත් ජනයා වාසය නොකරන දූපතකි.

ශ්‍රී ලංකා නාවික හමුදාව එහි මුර අටල්ලක් ඉදි කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙම දිවයින 1974දී ඉන්දියාව විසින් ගිවිසුමක් මගින් ලංකාවට භාර දෙන ලදී. එම ගිවිසුම අනුව ඉන්දීය ධීවරයන්ට දැල් වේලාගැනීම පිණිස හා වාර්ෂික පූජාව සඳහා මෙම දිවයිනට යා හැකිය.

තමිල්නාඩු ප්‍රධාන ඇමති එම්. කරුණානිධි ඉන්දීය අගමැතිවරයාට ලිපියක් ලියමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කච්චතිවුහි මුර අටල්ලක් හා නාවික කඳවුරක් ඉදි කරමින් සිටින බවට ඇති පුවත්පත් වාර්තා ගැන සඳහන් කරමින් ඉන්දීය රජය අදාළ නියෝජිතායතන හරහා මෙම කරුණ සනාථ කර ගත යුතු බව පවසයි.

තමිල්නාඩුවේ විපක්ෂ AIADMK සහ තවත් පක්ෂ කච්චතිවු නැවත ඉන්දියාවට පවරා ගත යුතු බවට උද්ඝෝෂණ කරයි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA