|
|||||||||||||||
|
නාගරික සංවර්ධන අධිකාරියේ මහින්ද - දිනේෂ් ගැටුමක් අධිකාරියට පාඩු පිට පාඩු (W3Lanka, ජුනි 17, 2009, යුනියන් ලංකා) ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හටගෙන ඇති ගැටුම්කාරි තත්වය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය මාස කිහිපය තුල මාසයකට රු. මිලියන 30 ක පමණ අලාභයක් ලබන තත්වයට පත්වෙමින් ඇතැයි එහි සේවක ආරංචි මාර්ග සඳහන් කර සිටී. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය අවුරුදු 2 ක කාලය තුල පමණක් සභාපතිවරුන් 04 දෙනෙකු අළුතින් පත් කර ඇත. ඇමතිවරයා සහ ජනාධිපතිවරයා අතර පවත්නා සීතල යුද්ධය මෙයට හේතු වී ඇති බව එහි සේවකයෝ පවසති. පසුගියදා බත්තරමුල්ල පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වු අතර ඔවුන්ගේ මූලික ඉල්ලීම වී තිබුණේ අධිකාරියේ වර්තමාන සභාපතිවරයා විසින් වැඩ තහනමට ලක් කරන ලද නියෝජ්‍ය අධ්‍යකෂ ජනරාල්වරිය (මුදල්) වහා සේවයේ පිහිටුවන ලෙසයි. තොරතුරු වාර්තා වන පරිදි මෙම අධ්‍යකෂ ජනරාල්වරිය ආයතනයේ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව අධිකාරිය යටතේ පවත්නා එක්තරා පෞද්ගලික සමාගමකට මුදල් නිකුත් කිරීම මෙසේ වැඩ තහනමට ලක්වීමට හේතු වී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එහි සේවකයෙකු පවසා සිටියේ අධිකාරියේ වත්මන් සභාපතිවරයා ජනාධිපතිවරයාගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු බවත්, එම තත්වය තුල දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා වැඩ තහනමට ලක් වු අධ්‍යකෂ ජනරාල්වරියගේ පාර්ශවය නියෝජනය කරමින් සභාපතිවරයාට එරෙහිව තම හිතවත් සේවක කණ්ඩායම් යොදවාගෙන මෙම උද්ඝෝෂණය දියත් කළ බවයි.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||