|
|||||||||||||||
|
යාපනය මහ නගර සභා ඡන්ද දායකයන්ගෙන් 40%ක් අවතැන් වූ අය යළි පදිංචි කිරීම්වලට පෙර හදිසි මැතිවරණයක් (W3Lanka, ජුනි 18, 2009) යාපනය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පී. කුගනාදන් පවසන පරිදි යාපනය මහ නගර සභාව සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින 100,417ක් ඡන්දදායකයන් අතරින් 40%ක් අභ්‍යන්තර අවතැන් වූවෝ වෙති. මෙම අවතැන් වූවන් විවිධ දිස්ත්‍රික්කවල ජීවත් වන අතර නිදසුනත් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ යාපනයෙන් අවතැන් වූ මුස්ලිම් ඡන්දදායකයන් 10,000ක් ජීවත් වන බව ඔහු පවසයි. ඡන්ද හිමි නාම ලේඛන වවුනියාවේ හා පුත්තලමේ අවතැන් කඳවුරු වෙත යවන බවද, අවතැන් වූවන්ට තම නම ලියාපදිංචි වී ඇද්දැයි සොයා බැලිය හැකි බවත්, ඔවුන්ට ඡන්දය දීම සඳහා පිළිවෙලක් සකසන බවත් මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි. යාපනය මහ නගර සභාවටත්, වවුනියා නගර සභාවටත් නාම යෝජනා ජුනි 18 සිට ජුනි 25දා දවල් 12 දක්වා යාපනය හා වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී භාර ගනු ලැබේ. වවුනියා නගර සභා ඡන්දය සඳහා ඡන්දය දීමට 24,626 ඡන්දදායකයන් සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 18ක් වෙන් කර තිබේ. යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටුවනු ලබන ඡන්ද මධ්‍යස්ථාන ගණන 70කි.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||