|
|||||||||||||||
|
උතුරු පළාත දේශපාලන කටයුතු සඳහා සුද්ද කර නැහැ - ආරක්ෂක අමාත්‍යංශය ලංකාවේ හාස්‍යජනකම මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවයි (W3Lanka, ජුනි 19, 2009) උතුරු පළාත දේශපාලන කටයුතු සඳහා සුද්ද කර නැති බව ආරක්ෂක අමාත්‍යංශය දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී ඇතැයි .දි අයිලන්ඩ්. පුවත්පත අද වාර්තා කළේය. නාම යෝජනා භාර දීමට හෝ මැතිවරණ ප්‍රචාරක කටයුතු සහා යාපනයට හෝ වවුනියාවට යාමට ආරක්ෂක අමාත්‍යංශය දෙමළ ජාතික සන්ධානයට අවසර ලබා දී නැත. යාපනය මහ නගර සභාව සහ වවුනියා නගර සභාව සඳහා නාම යෝජනා ජුනි 18 දින සිට 25 දින දවල් 12 දක්වා යාපනය හා වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී භාර ගනු ලැබේ. මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන්ටද අපේක්ෂකයන් තේරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට වවුනියාවට යාමට අවසර නොලැබුණ අතර, අදාළ අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණ සඳහා වවුනියාවේ සිට අනුරාධපුරයට ගෙන්වා ගැනීමට අවසර ලබා ගැනීම ද දුෂ්කර විය. යාපනය මහ නගර සභාවට සභිකයන් 23දෙනෙකුද, වවුනියාව නගර සභාව සඳහා අපේක්ෂකයන් 11දෙනෙකුද තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීමට නියමිතය. තවත් අදාළ පුවතක්y: යාපනය මහ නගර සභා ඡන්ද දායකයන්ගෙන් 40%ක් අවතැන් වූ අය
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||