|
|||||||||||||||||||||||||||||
|
රජය දැන් අරක්කු වෙළඳාමේ මතට තිත - තිතට මත: අරක්කු හින්දා බොන්නත් බැහැ - ප්‍රතිපත්ති හින්දා විකුණන්නත් බහැ (W3Lanka, ජුනි 22, 2009) ආණ්ඩුවේ මතට තිත ප්‍රතිපත්තිය කෙසේ වෙතත්, දැන් රජය ඍජුවම අරක්කු වෙළඳාමට සම්බන්ධ වී තිබේ. මේ වනාහි සුරාබදු ආදායම් ලෙස කරන ඉපැයීම්වලට අමතරවයි. වැරදි ලෙස පෞද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපසු රජයට පවරා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග රක්ෂණ සංස්ථාවට හිමි වී තිබුණු ඩිස්ටිලරීස් සමාගමේ කොටස්වලින් 3.89%ක්ද රජයට හිමි වී තිබේ. ඩිස්ටිලරීස් ලංකාවේ ප්‍රධානම මත්පැන් සමාගමයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අලුතින් පත් කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම කොටස්වලට කළ යුතු දේ තීරණය කළ යුතුය. සුරාබදු දෙපාර්තමේන්තුවට අනුව 2006.12.09 දින සිට බලපැවැත්වෙන සුරාබදු අනුපාතයන් මෙසේයි.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||||||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||||||||||||||||