W3lanka.com

NEWS IN
ENGLISH

දීප්ති කුමාර ගුණරත්නගේ පෙරටුගාමී පක්ෂය මැතිවරණ කොමසාරිස් පිළි ගනියි

(W3Lanka, ජුනි 23, 2009)
ලංකාවේ සිවිල් සමාජයේ ප්‍රතිරූපවලට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් මතු වූ ආන්දෝලනාත්මක පශ්චාත් නූතනවාදී රැඩිකල් දේශපාලන කණ්ඩායමක් වූ X-පක්ෂයේ දේශපාලන පක්ෂය වන ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්‍ෂය පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස සැළකීමට තීරණය කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.

මුලින් පැවති X-කණ්ඩායම 2004 දෙසැම්බර් 26දා දෙකඩ වූ අතර ඉන් බිඳී ගිය දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම X-පක්ෂය ලෙස ක්‍රියාත්මක විය. 1971 කැරැල්ල ආශ්‍රිත වකවානුවේදී මෙරට 'පෙරදිග සුළං' නම් සටන්කාමී මාඕවාදී සංවිධානයක් ක්‍රියාත්මක වූ අතර දැන් X-පක්ෂය විසින් පළ කරනු ලබන සඟරාවේ නම ලෙස යොදාගෙන ත්බෙන්නේ 'පෙරදිග සුළං'ය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ පිළිගැනීම ඉල්ලා දේශපාලන පක්‍ෂ අටක් විසින් ඉදිරිපත් කර තිබුණු ඉල්ලුම්පත් පිළිබඳ ඉකුත් සතියේ පැවැති පරීක්‍ෂණවලින් අනතුරුව පක්‍ෂ තුනක් පමණක් පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස සැළකීමට තීරණය කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි. එම පක්ෂ නම්, අපේ ජාතික පෙරමුණ, ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්‍ෂය සහ ජනසෙත පෙරමුණයි. මේ පක්‍ෂ තුනත් සමඟ ලංකාවේ පිළිගත් දේශපාලන පක්‍ෂ ගණන 64 ක් දක්වා වැඩි විය.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA