|
|||||||||||||||
|
ශ්‍රී ලංකාව බලශක්තියට තව කෑදර වෙයි නොරොච්චෝලෙයි, සාම්පූර්, ඉහළ කොත්මලේ බලශක්ති ව්‍යාපෘති පෙරට (W3Lanka, ජුනි 24, 2009) නෙරොච්චෝලෙයි ගල් අඟුරු විදුලි බලාගාරයේ මීළඟ අදියර සඳහා ණය ලබාගැනීමට චීන බැංකුවක් සමග සාකච්ඡා කරමින් තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමති ජෝන් සෙනෙවිරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. මෙම බලාගාරයේ මෙගවොට් 300ක් වන මූලික අදියර සඳහා චීන රජය එරට අපනයන ආනයන බැංකුව හරහා ලංකාවට ණය සැපයීය. ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 450ක් වැය වෙතැයි කලින් ගණන් බලා තිබිණි. ඉදිරියේදී මෙම බලාගාරය මෙගවොට් 900ක් ජනනය කළ හැකි මට්ටම දක්වා අදියර දෙකකින් සංවර්ධනය කිරීමට නියමිතය. මේ අතර ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉදි කිරීමට නියමිත මෙගාවොට් 500 ගල් අඟුරු බලාගාරය සඳහා අවබෝධතා ගිවිසුමක් ලබන වසරේ අත්සන් කරන බවද ඇමතිවරයා කීවේය. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියා රජයට අයත් NTPC සමාගම ශක්‍යතා අධ්‍යයනයක් කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා ඩොලර් මිලියන 500ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ. මෙගවොට් 150 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ විදුලි බල ජනනය 2011දී ආරම්භ වන බවද ඇමතිවරයා කීවේය. පාරිසරික අනතුරු, ආර්ථික ලාභදායීබව හා මෙම ව්‍යාපෘති පිහිටුවනු ලැබූ ස්ථානවලින් සිදු වන අවතැන් වීම් හේතුවෙන් ඒවා විවේචනයට ලක් වූ මුත් රජය ඒවා නොතකා ඉදිරියට ගියේය.
අදහස් දක්වන්න නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||