2010-01-01

ජනාධිපතිතුමනි, "එකට කාපු" අයගේ හංගපු ෆයිල් මොනවාද?


(2010 ජනවාරි 01 -W3Lanka) "මගේ පවුලට හෙණගහන්න කියලා හත් පාරක්‌ කියනවා. මන්තර කාරයෝ කියන්න ඇති එහෙම කරන්න කියල. මට භය ඒක ආපහු හැරිලා යයිද කියලා. මගේ අතේ මඩ නැහැ. ලේ නැහැ. හැබැයි මගේ අතේ ෆයිල් තියෙනවා. මේ අය කරපු දේවල් ගැන, මම ඒවා එළියට දාන්නේ නැහැ. මොකද අවුරුදු 4 ක්‌ උදේ ඉඳන් රෑ වෙනකම් එකට වැඩකරපු අය. එකට කාපු අය මට එහෙම කරන්න බැහැ."


උතුරු මැද පළාතේ බැංකුවල වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති හමුවේදී හා අනුරාධපුරය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන්, ගොවි නියෝජිතයන් සමග අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පැවැති හමුවේදී ජනාධිපති වරයා මේ බව සඳහන් කළේය.


මේ ෆයිල් හෙවත් ලිපි‍ ගොනු මොනවාද? ඒවායේ සඳහන් "මේ අය කරපු දේවල්" මොනවාද? සොරකම්, වංචා, දූෂණ, අපචාර හා මිනීමැරුම් වැනි අපරාධ ද? 


එසේ නම් ඒවා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම ලිපිගොනු අදාළ අංශවලට යොමු නො කිරීමෙන් ජනාධිපතිවරයා ද එම අපරාධ සඳහා සහාය වෙමින් අපරාධයක නියැලෙනවා නේද? 


"එකට වැඩකරපු අය, එකට කාපු අය" කියා එහෙම කරන්න පුළුවන් ද? "එකට කාපු" අයට එහෙම වාසි සැලැස්වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් තහවුරු කර ඇති සමානත්වය උල්ලංඝනය කිරීමක් නේ ද?  


එහෙම ප්‍රශ්න ලංකාවේ ' බුද්ධිමත් ජනතාව' කියන පිරිසට නැත්තේ මන් ද?  




1 comment:

  1. එකට කාපු අයට සැලකීම අද රටේ සාමාන්‍ය දෙයක් වෙලා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.