2009-11-11

හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පළමු ලෝක කුසලාන තරගය කැනඩාව සමග 2011 පෙබරවාරි 20


(2009 නොවැම්බර් 11 - W3Lanka) හම්බන්තොට ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විවෘත කිරීම 2011 පෙබරවාරි 20 දින ලංකාව සහ කැනඩාව අතර එක් දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගයෙන් සිදු වීම‍ට නියමිත ය. 


‍දැනට නිකුත් වී තිබෙන 2011 ලෝක ශූරතා තරග කාලසටහන අනුව ලංකාවේ අර්ධ පූර්ව අවසාන තරගයක් හා අර්ධ අවසාන තරගයක් ඇතුළු ලෝක කුසලාන තරග 12ක් පැවැත්වේ. 

මෙම තරග සඳහා මහනුවර පල්ලෙකැලේ අලුතින් ඉදි වන ක්‍රිකට් ක්‍රීඩාංගනය ද විවෘත වීමට නියමිත ය. 



2011 ලෝක කුසලාන තරග ආරම්භය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයකින් බංග්ලාදේශයේදී සිදු වේ. අර්ධ පූර්ව අවසාන තරග දෙකක් සමග තරග අටක් එරටදී පැවැත්වේ. 


ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් පකිස්තානයේ තරග නො පැවැත්වෙන අතර, පකිස්තාන කණ්ඩායම තරග සඳහා ඉන්දියාවට යන්නේ අවසන් වටයට තේරුණොත් පමණි. 

ලෝක ශූරතා තරගාවලියේ තරග 49න් 29ක් ම පැවැත්වෙන්නේ ඉන්දියාවේ ය.

1 comment:

  1. එහෙම නම් අපි නොවරදවා එනවාමයි ලංකාවට cheers කොරන්නට!!!

    ReplyDelete

අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...