2009-12-09

දේශපාලනයේ ජෙනරාල් සාධකය


(2009 දෙසැම්බර් 09 - W3Lanka ලයනල් බෝපගේ විසින් පීපල්ස් මාච් සඟරාවට ලියන ලද ලිපියකි) ‘‘රටේ සංවර්ධනය සඳහා, රටේ ආරක්ෂාව සඳහා ගැනීමට අවශ්‍ය යම් පියවර තිබේ නම් පුරවැසියන් වශයෙන් අපේ යුතුකම එම පියවර ගැනීම බව මම
විශ්වාස කරනවා. අපේ කාලය පී‍්‍රතිමත් මනෝ භාවයකින්
ජීවත් වීමට ගත කරනවාට වඩා අනාගතයේ සිදු වනු
ඇත්තේ කුමක් ද යන්නට අවධානය යොමු කිරීම
වැදගත්.”
-2009 ඔක්තෝබර් 25 ජෙනරල් සරත් ෆොන්සේකා
වොෂින්ටනයේ බෞද්ධ විහාරයේ දී කළ කතාවෙන් උපුටා
ගන්නා ලද කොටසකි


සත්තකින්ම ජෙනරල් ෆොන්සේකාගෙන් ප‍්‍රකාශිත ප‍්‍රඥා සම්පන්න වචන සමූහයකි. දැන් එල්ටීටීඊයට එරෙහි යුද්ධය ජයගැනීමේ ප‍්‍රමෝදය අවසන් ය, සාමය දිනා ගැනීම, පශ්චාත්- යුද ප‍්‍රතිනිර්මාණය, වැඩෙන ආර්ථික අර්බුදය, අවතැන් ජනතාව පදිංචි කිරීම හා ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීම වැනි මුහුණ දෙමින් සිටින සංකීර්ණ
ප‍්‍රශ්න වෙත අපේ මනස් යොමු කළ යුතු ය.




ශී‍්‍ර ලංකාව එහි සියලූ දෝෂ තිබියදීම තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක පෙනුම පවත්වා ගනියි. ශී‍්‍ර ලංකාවේ එහි ජනාධිපති ධූරය, පාර්ලිමේන්තුව, අධිකරණය හා සන්නද්ධ හමුදාවන් අතර බොහෝ විට නොපැහැදිලිතාවක් තිබුණ ද බෙදා
වෙන් කිරීමක් ඇත. සන්ධාන මගින් හෝ ඔවුන් විසින් ම රට පාලනය කර තිබෙන්නේ ධනේශ්වර පක්ෂ දෙකෙන් කුමක් වුව ද ඒවායේ නායකයින් හා ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් ඔවුන්ගේ සියලූ දෝෂ හා සද් ගුණයන්ගෙන් සහිත සිවිල්
පුරවැසියන් වී ඇත. සන්නද්ධ හමුදා මත වන සිවිල් අධිකාරයට එම සිවිල් විධානයන් සමහරක් ස්ව සේවය සඳහා වී යයි අර්ථ දැක්විය හැකි වුව ද කිසිදාක ප‍්‍රතිඵල ගෙන දෙන අභියෝගයක් එල්ල කර නැත.




යුද හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යයන් මගින් බලයට පැමිණ ඇති ජෙනරාල්වරුන්ගේ යහපත් අපේක්ෂාවන් ඉතිහාසයේ විසිරී තිබේ. බොහොමයක් උත්පේ‍්‍රරණය වී ඇත්තේ දේශපේ‍්‍රමය හා දූෂිත හා අකාර්යක්ෂම තන්ත‍්‍රයන් විසින්
ඔවුන්ගේ සමාජයන් තුළ නිර්මාණය කරන ලද මෙල්ල කිරීමට දුෂ්කර ප‍්‍රශ්න විසඳීමේ සැබෑ වුවමනාවෙනි.
කෙසේ වුව ද අවසන් ප‍්‍රතිඵලය වූයේ සත්තකින්ම පෙර තිබුණාට වඩා කීර්තිය කෙලෙසුණු සොල්දාදුවෙක්,
රටක් හා වඩාත් වියවුල් තත්ත්යකට පත් සමාජයකි.




හිටපු යුද හමුදාපතිවරයෙකු ප‍්‍රාතන්ත‍්‍රවාදී මැතිවරණයක් මගින් බලයට පැමිණි නයිජීරියාවේ මෑත කාලීන අත්දැකීම සාර්ථක එකක් වී නැත. දීර්ඝ ව්‍යසනකාරී මිලිටරි පාලනයකින් පසු නයිජීරියාව මුහුණ දී සිටි ආර්ථික හා දේශපාලන
ව්‍යාකූලභාවයෙන් ගොඩ ගැනීමේ විශේෂිත අරමුණෙන් යුතුව 1999 ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පැවත්වූ මැතිවරණයෙන් ජෙනරාල් ඔලූසෙගුන් ඔබසන්ජෝ බලයට පැමිණියේ ය.




නයිජීරියාව ද අනෙක් බොහෝ සංවර්ධනය වන රටවල් පරිද්දෙන් අසාධාරණ වෙළෙඳ කොන්දේසි, ඉහළ නගින රාජ්‍ය ණය, වාර්ගික නොසන්සුන්තාව, ආදායමේ යෝධ අසමානතා හා දූෂණය මගින් අතොරක් නැති පීඩනයට පත්ව
තිබුණි. ජෙනරල් ඔබසන්ජෝ බලයට පැමිණියේ මෙම ප‍්‍රශ්න විසඳීමේ හා මැඩලීමේ අරමුණ ප‍්‍රකාශ කරමිනි. එහෙත් 2007 දී ඔහු ජනාධිපති ලෙස විශ‍්‍රාම යන විට රට මෙම ප‍්‍රශ්නවලින් තවමත් පීඩාවට පත් වෙමින් තිබූ අතර නිදසුන් ලෙස අන්තර් වාර්ගික සමගිය වඩාත් විනාශාභිමුඛ තත්ත්වයකට පත්ව තිබුණි. නයිජීරියාවේ ආර්ථික හා සමාජ
ව්‍යුහයන්ගේ මෙම බිඳ වැටීම ජෙනරල් ඔබසන්ජෝ කුසලතාවක් නැති පුද්ගලයෙකු වීම නිසා නොවේ. ඔහුට
පැවතියේ යුද සෙබළෙකුගේ දක්ෂතා ය. ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු සංකීර්ණ සංස්කෘතික, දේශපාලන හා ආර්ථික
ප‍්‍රශ්නවලට විසඳුම් අපේක්ෂා කළේ සරල, සායනික හා සංවිධාන සැලස්ම සම්පාදන කොන්දේසි වලට අනුව ය.
ආර්ථික අසමානතාවයේ හා අන්තර් වාර්ගික සමගියේ සංකීර්ණ ප‍්‍රශ්න විසඳීමට කටයුතු කිරීමේදී නායකයෙකුගේ දැක්ම හා හොඳ හිත පමණක් නොව දේශපාලන පරමාර්ථ සමග කටයුතු කිරීමේ දේශපාලන හා ප‍්‍රතිභා සම්පන්න දක්ෂතා ද අවශ්‍ය කරයි. එනම් ඇහුම්කන් දීමට හා අතරමැදි එකඟතාවන්ට ඇති කැමත්ත හා අත්‍යවශ්‍ය වෙනස්කම් ඔස්සේ රටේ සියලූ ජනතාව කැඳවා ගෙන යිමේ පසු බිමක් තිබීම අවශ්‍ය ය. මේවා ජෙනාල්වරුන්ගෙන් අප බලාපොරොත්තු වන ගුණාංග නොවේ.




රටේ ඉතිහාසයෙහි මේ සන්ධිස්ථානයේ දී ශී‍්‍ර ලංකාවේ සිවිල් සමාජය හා පුද්ගලයෙකු වශයෙන්
ජෙනරල් සරත් ෆොන්සේකා ඥානනය කර ගැනීම අවශ්‍ය යථාර්ථය මෙයයි.




ප‍්‍රශ්නය සංකීර්ණ කරනුයේ සත්තකින් ම රටේ ඉහළම දේශපාලන පදවිය සඳහා ජෙනරල් සරත් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය තල්ලූ කරනු ලබන පුද්ගලයන් හා දේශපාලන කාණ්ඩ ගැසීම් ය. ජාතිකවාදී කණ්ඩායම් ජෙනරල්
ෆොන්සේකා බලයට පැමිණි පසු ඔවුන්ගේ දැඩි න්‍යාය පත‍්‍රය පෙරට ගෙන යනු ලබන පුද්ගලයෙකු ලෙස
දකිති. මෙය ව්‍යසනයක් වනු ඇති අතර වාර්ගික අසමගියේ තුවාල යළිත් වරක් පාරවනු ඇත. මෙම
කණ්ඩායම් වලට අනුව ආර්ථිකය, දූෂණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා වාර්ගික සාධාරණත්වය ඔවුන්ගේ ජාතිකවාදී
පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට අන්තර්ගත වේ. ඔවුන්ගේ දේශපාලන මනස් දෘෂ්ඨීන් මුදා හැරීම ජෙනරල්
ෆොන්සේකා ම වොෂින්ටන් ඞී.සී හි බෞද්ධ විහාරයේදී මෑතදී කළ කතාවෙන් පිළිගත් සත්‍යයක් වන
‘‘ආරම්භයේදී ප‍්‍රභාකරන් කෙනෙකු නොවී ය. ඔහු නිර්මාණය කරන ලද්දේ වසර තිහකට පෙර ය” යන්න
යථාවක් බවට පත් කරනු ඇත.


මෙය අනුයාත ශී‍්‍ර ලාංකීය ආණ්ඩු අනුගමනය කළ ජාතිකවාදී හා වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්ති, මූලෝපායන් හා උපක‍්‍රමවලට ප‍්‍රතිචාරයක් ලෙස දෙමළ ජාතිකවාදී සටන්කාමිත්වය පැවැත්මට ආ බව විවෘත ලෙස පිළි ගැනීමක් බව
පෙනේ. එවැනි ජාතිකවාදී හා වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්ති කලහකාරී කල්ලි විසින් හා පවතින පාලක තන්ත‍්‍රයන්ගේ නියෝග මත ආරක්ෂක හමුදා විසින් කළ බව කියන ප‍්‍රචණ්ඩ කි‍්‍රයාකාරිත්වයන් ඔස්සේ ශී‍්‍ර ලංකාවෙහි සිංහල නොවන ප‍්‍රජාවන් මත පටවන ලද්දේ ය යන කරුණ කෙනෙකු නොසලකා හැරි නොයුතු ය.




තව ද උතුරේ පමණක් නොව දකුණේ ද සටන්කාමී තරුණ අරගල නිර්මාණය කිරීමට මග පෑදූ කෙටි කාලීන දේශපාලන උපාමාරු ගෙන යාමේ දී ශී‍්‍ර ලංකා ආණ්ඩු යළි යළිත් රඳා සිටි ප‍්‍රධාන ආධාරකයන් වූයේ ආරක්ෂක හමුදා හා එහි ආඥාපතීන් ය.




තරුණ ජනයා ඔවුන්ට, ඔවුන්ගේ පවුල්වලට හා ඔවුන්ගේ අනාගතයට බලපාමින් තිබූ ප‍්‍රශ්නවලට යුක්තිය, සාධාරණය හා අවස්ථා සමානත්වය ඉල්ලා සිටියහ. එවැනි ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කරනවාට හා විරෝධය පෑමට ජනතාවට ඇති
ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය සහතික කරනවාට වඩා අනුයාත තරුණ ශී‍්‍ර ලාංකිකයන් 150,000 ආසන්න ගණනකගේ ජීවිත අහිමි කිරීමට මග පාදමින් එවැනි ඉල්ලීම් යුදමය වශයෙන් මර්දනය කිරීමට යොමු විය.




ආරක්ෂක හමුදා හා ඒවායේ ආඥාපතීන් මෙම කි‍්‍රයාකාරකම්වල ක‍්‍රියාකාරීව මැදිහත් වූ බවට සැකයක් නැත. දකුණු වියට්නාමයේ දූෂිත,ඥාති සංග‍්‍රහවාදී පාලන තන්ත‍්‍රයක අසාධාරණ කි‍්‍රයාකාරිත්වයන්ට එරෙහිව කැරලි ගැසූවන් විනාශ කිරීමෙහිලා වියට්නාමයේ විමුක්ති යුද්ධයට එරෙහිව සටන් කළ හමුදාවන්ගේ යුද අත් දැකීම් වලින් ඉගෙන ගත් බව
ඔවුන් විවෘතවම පිළිගෙන තිබේ. ජෙනරාල් ෆොන්සේකා විසින් ම ඔහුගේ කතාවේදී පිළි ගෙන තිබෙන පරිදි ශී‍්‍ර ලංකාවේ ජනතාවගේ ඇතැම් කොටස්වලට සහනය ගෙන ඒමට කලින් ආණ්ඩු ගත් ඇතැම් තීරණ කි‍්‍රයාවට නැගීම
වැළක්වීමෙහිලා ඔහු වැදගත් වැඩ කොටසක් කර ඇත.




අද ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ඇතැම් සංකීර්ණ ප‍්‍රශ්න විසඳීමෙහි ලා මේ දක්වා ජෙනරල් ෆොන්සේකා විසින් පැහැදිලි කර ඇති ප‍්‍රතිපත්ති ඒවා ආර්ථිකය, විරැකියාව,මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම, අල්ලස හා දූෂණය, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යනා දී කුමක් වුව ද පැහැදිලිතාවයෙන් අඩු ය. බොහෝ පාර්ශව විසින් ඔහුගේ අපේක්ෂකත්වය සඳහා කරනවා යයි කියන ආධාර තිබියදීත් මේ ප‍්‍රශ්න කිසිවක් පිළිබඳව කිසිදු සාකච්ඡාවක් හෝ පැහැදිලි කිරීමක් දක්නට නොමැත.




විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සිට මානුෂික මුහුණුවරකින් යුත් විවෘත ආර්ථිකයන් දක්වා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාවන්ගේ බොහෝ කොටස්වලට බොහෝ දේවල් පොරොන්දු වෙමින් විවිධ වර්ණයේ බොහෝ සභාගයන් ඇවිත් ගොස් තිබේ. මෙම අත්දැකීම්වලින් අප කිසිවක් ඉගෙන ගෙන තිබේ ද?




ඊට ප‍්‍රතිකූලව ජනතාව මත පැටවුණු වර්ධනය වුණු ආර්ථික, සමාජ හා දේශපාලන පීඩාවන් සමග ප‍්‍රශ්න දඟර ගැසෙමින් වැඞී තිබේ. අල්ලසේ, දූෂණයේ හා වෙනස් කොට සැලකීමේ වැඩෙන මට්ටම් ගැන කිව යුතු නොවේ.




පවත්නා තත්ත්වයන් යටතේ රටේ ජනාධිපත්වරයා ලෙස තේරී පත්වන හමුදා ජෙනරාල්වරයෙකු විසින් ශී‍්‍රලංකාවේ ශේෂ වී පවතින කුමන හෝ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයක් අවසානයකට ගෙන නොඑනු ඇද්ද යන්නට සහතිකයක් තිබේ ද? වරක් තේරී පත් වූ විට කෙනෙකුට හැමදාමත් ජනාධිපති වශයෙන් සිටීමට උවමනා වන්නේ
නැති ද? එවැනි තත්ත්වයන්හිදී යොදා ගත හැකි ආරක්ෂණයන් මොනවා ද? එවැනි ප‍්‍රශ්න පිළිබඳව කිසිදු
සාකච්ඡාවක් මට දකින්නට නැත.




තම රටවල් වෙනුවෙන් ප‍්‍රශංසනීය හා ගෞරවාන්විතව සේවය කර තිබෙන විශ‍්‍රාමික යුද වීරයන්ට හා ජෙනරාල්වරුන්ට කාර්ය භාරයක් තිබේ. ඔවුන්ගේ ගෞරවය, නිර්භීතභාවය, ස්ථිරසාරභාවය හා අණ දීමේ නිපුණතා අතීතයේදී ඔවුන් යෝග්‍යතාවක් දන්වා නොතිබෙන සංකීර්ණ සමාජ හා දේශපාලන ප‍්‍රශ්න විසඳීම පිළිබඳව නොව විශේෂිත ජාතික ගොඩ නැගීමේ ව්‍යාපෘති පිළිබඳව භාවිතා කිරීම හොඳම දේ ය.


ජාතියේ ඉතිහාසයේ මෙම තීරණාත්මක සන්ධිස්ථානයේ දී ජෙනරල් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය අවධානය යොදන විට අප මේ ගැන සිත්හි තබා ගැනීම අවශ්‍ය ය.



No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.