2009-12-04

රු. 3000 පඩියට වැඩ කරන රජයේ සේවක පිරිසක් වීදි බසිති

(2009 දෙසැම්බර් 04 - W3Lanka) රු. 3000ක මාසික දීමනාවකට රජයේ පාසල්වල සේවය කරන දහස් ගණනක් ගුරු සහායකයෝ ජීවත් විමට ප්‍රමාණවත් දීමනාවක් ඉල්ලා ජනාධිපතිට සංදේශයක් භාර දීමට ඊයේ විහාර මහා දේවි උද්‍යානයේ සිට අරලියගහ මන්දිරය දක්වා පෙළපාලියකින් ගියහ.

කොල්ලුපිටිය පොලිසිය මෙම ගුරු සහායකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී. 


දැනට ගුරු විද්‍යාලවල හා දුරස්ථව ගුරු පුහුණුව ලබන මෙම පිරිස එයින් අනතුරුව ස්ථිර කරන බවට රජය පොරොන්දු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. උතුරුමැද හා වයඹ වැනි පළාත්වල දුෂ්කර පාසල්වල ස්වේච්ඡාවෙන් ගුරු සේවයේ යෙදීමෙන් අනතුරුව ඔවුන් විසින් කරන ලද මාරාන්තික උපවාස ආදී උද්ඝෝෂණවලින් අනතුරුව ඔවුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගන්නා ලදී. 


නැගෙනහිර පළාතේ මෙවැනි ගුරු සහායකයින් ගුරු සේවයට බඳවාගෙන ඇති බව ද ඒ අනුව කටයුතු කරමින් මෙම පිරිස ද ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ද, එතෙක් ඔවුන්ට රු. 10,000ක දීමනාවක් ලබා දෙන ලෙස ද, මෙවැනි ගැටළු මතු නො වන සේ සියලු බඳවාගැනීම්වලදී ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව කුටයුතු කරන ලෙස ද ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි.




1 comment:

  1. යකෝ මේක හරි කෙළියක්නේ.. ස්වෙච්චාවෙන් කියන්නේ මම දන්‍න තරමින් තමන්ගේ කැමැත්තෙන් කියන එකනේ. කොටින්ම කිව්වොත් නිකන්/නොමිළේ කියන එක. එහෙම ඇවිත් පඩි ඉල්ලන එකට කියන්න තියන හොදම වචනය ඉල්ලං කනවා කියන එක කියලායි මට හිතෙන්නේ.
    සහෝදරයා උගන්නන්න ගුරැවරැ බදවා ගන්න එක ආණ්ඩුවක වැඩක්. ඔයාලා මොකටද අනුන්ගේ වැඩ කරන්න ගියේ. ඔයාලා කරන්න ඕනේ රස්සාවල් ඉල්ලලා කැගහන එක නෙමෙයිද

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.