2009-12-04

ජනාධිපති ක්‍රමය දින 60 කින් තියා දින 600 කින්වත් අවසන් කරන්න බැහැ - ජී.එල්. පීරිස්


(2009 දෙසැම්බර් 04 - W3Lanka) විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට තුනෙන් දෙකේ බලයක් සහ ජනමත විචාරණයක් තුළින් ජනතා කැමැත්තද අනිවාර්යෙන්ම ලබාගත යුතු යැයි ද එසේ නොමැතිව කාගේ හෝ කැමැත්ත හා ආශාව මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකි යයි ද එසේ කළ හැකි යයි සිතීම සිහින දැකීමක් පමණක් යයි ද අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (3) පැවැති ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.

"සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කරන අනාගත වැඩපිළිවෙළ මොකක්ද? එය රටට බලපාන්නේ කෙසේද යන්න අප විශ්ලේෂණාත්මකව සිතාබැලිය යුතුයි. මොහුගේ පළමු කරුණ තමයි දින 60ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. විධායක ජනාධිපති ක්‍රමය දින 60 කින් තියා දින 600 කින්වත් මේ අපේක්ෂකයා කියන පරිදි අවසන් කරන්න බැහැ. ඊට ක්‍රමවේදයන් රැසක් තියෙනවා. ඒ දේවල් පිළිබඳවත් ඔහුට වැටහීමක් නොමැතිව කතාකරන බව ඕනෑම අයෙකුට තේරෙනවා," යි ද නීතිය පිළිබඳ මහාචාර්යවරයක් වන ඇමති ජී. එල්. පීරිස් පැවසීය. 


මේ පිළිබඳව 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය.


විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.


පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නෙමි.


පාර්ලිමේන්තුවේ  ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත‍‍්‍රීන් කාර්යක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි දියුණු කිරීමට යෝජනා කරමි.






3 comments:

  1. දී කිරට බළල්ළුත් සාක්කි.....ද?

    ග=ැන්ටත් අක=රැ වරදින බව නීති විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයට අපි මතක් කරලා දෙන්නත් කැමතියි.

    ReplyDelete
  2. Professor. your argument is wrong. Executive present system itself can be change as a bill which passed on the parliement with 2/3 majority. Please give your support to success this process. We cannot understand your greedy for portfolios. This is a time to do your best to country.

    ReplyDelete
  3. ඒ බැරි ඔයි තමුසේට,අපිට පුළුවන්.ජි.ඒල් තමුසේත් ෆොනිට ඡන්දේ දෙනවා ඒ කරලා අපෙන් ඉගනගන්නවා ඔක වෙනස් කරන හැටි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.