2009-12-07

ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සියදෙනෙකුගෙන් එක්කෙනයි - ලෝක බැංකුව


(2009 දෙසැම්බර් 07 - W3Lanka) ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සෑම පුද්ගලයන් 100කගෙන් ම එක් අයෙකු බව අලුත් ම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙයි. මෙය වසර 2000දී පැවතියේ 0.2%ක් තරම් පහත් මට්ටමකයි.


Information and Communications for Development 2009: Extending Reach and Increasing Impact නම් වූ පසුගිය සිකුරාදා නිකුත් කරන ලද වාර්තාවට අනුව, පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා හා ආර්ථික වර්ධනය අතර සම්බන්ධයක් තිබේ. 

පුළුල් පරාස හෙවත් බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව 10%කින් වර්ධනය වන විට රටේ ආර්ථික වර්ධනය 1.3%කින් ඉහළ යන බව ලෝක බැංකුවේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති විශේෂඥ ටෙන්සින් ඩොල්මා නොර්බු මෙම වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවේදී පැවසීය.


වාර්තාවට අනුව, 2007 වන විට ලංකාවේ පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ප්‍රමාණය සමස්ත අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාවෙන් 31.3%කි. 


ලංකාවේ පරිගණක සාක්ෂරතා ප්‍රතිශතය මේ වන විට 16% ඉක්මවා තිබේ. 2004දී මෙය පැවතියේ 9.7% මට්ටමේ ය.




2 comments:

  1. මේකට හේතු කීපයක් තියෙනවා, මම හිතන්නෙ. එකක් තමයි පරිගණකයක් තවමත් අපේ සාමාන්‍ය ආදායමේ හැටියට මිල අධික දෙයක් විම. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීම තවමත් යම් ප්‍රදේශවල කළ නොහැක්කක් වීම. එවැනි සම්බන්ධතාවයක් ලබාගත හැකි වුණත් මාස් පතා අමතර බිලක් ඒ සඳහා ගෙවීම තම ආදායමට සාපේක්ෂව ඉහල වූ ජීවන වියදමින් හෙම්බත් වී ඉන්න මධ්‍යම පාංතික ශ්‍රී ලාංකිකයන්ට තරමක් අමාරු දෙයක්.

    මේ ගැටලුවට පිළිතුරක් හැටියට සමහර ආසියාතික රටවල ජංගම දුරකථන හරහා Opera Mini, Ucweb වැනි mobile browsers තුලින් අන්තර්ජාලයට පිවිසීම ජනප්‍රිය වෙලා තියෙනව. ලැබිය හැකි අත්දැකීම සිමාසහිත වුණත් something is better than nothing නෙ.

    අනිත් අතට අපේ රටේ ඉංග්‍රීසි දැනුමත් අද තියෙන්නෙ එතරම් ඉහල මට්ටමක නෙමෙයිනෙ. අන්තර්ජාලයෙ බොහෝ දේ පල වෙන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා අමාරුවෙන් ඒවා තේරුම් ගන්නවට වඩා සිංහල පත්තරයක් හරි TV programme එකක් හරි බලන එක හොඳයි කියලත් සමහරුන්ට හිතෙනව ඇති.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.