2009-12-06

ආණ්ඩුව ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය භාවිතා කරන්නේ මෙහෙමයි

(2009 දෙසැම්බර් 06 - W3Lanka) එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේදී සිය පක්ෂයට අයත් ඇමතිවරුන්, මන්ත්‍රීන්, පළාත් හා ප්‍රාදේශීය සභිකයන් හරහා රාජ්‍ය බලය භාවිතා කිරීමට සැලසුම් කර තිබේ.


ආණ්ඩුව සතුව ඇමතිවරු 108ක්, පළාත් සභා මන්ත්‍රීවරු 269ක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 2400ක් සිටින අතර ඡන්ද ප්‍රදේශ 3 - 4 කට එක් අයකු බැගින් ගෙන් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කිරීම සඳහා යෙදවීමට ප්‍රධාන ප්‍රචාරක කළමනාකාර බැසිල් රාජපක්ෂ සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.


මේ අතර, ඉදිරි මහ මැතිවරණයට වියදම් කිරීම සඳහා මුලද් ඉතිරි කරගෙන ජනාධිපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරය කරහැර සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් පිළිබඳ දැඩි සෝදිසියෙන් සිට මහ මැකිවරණයේදී ඔවුන්ට නාම යෝජනා නොදී සිටීමට ද රාජපක්ෂ පවුල තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.



1 comment:

  1. er... elected officials are to visit voters on behalf of their party candidate ? that seem to be what you say here .

    how is that wrong?


    lol

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.