(2009 දෙසැම්බර් 25 -W3Lanka) වැඩිහිටියන්ට පමණයි තහනම ඉවත් වී ඇත. කොයි තරම් ඉවත් වී තිබේදැයි කීවොත් දැන් වැඩිහිටියන්ට පමණයි පුවරු රැගෙන පිකටිං පැවැත්විය හැකි ය.
අප නම් කිසි දිනෙක මේ ක්‍රියාවලට විරුද්ධ වූයේ නැත. ඒ අප දේශද්‍රෝහීන් නිසා නොව නිදහස ගරු කරන්නන් නිසා ය.මව්බිම, ජාතිය, සංස්කෘතිය රැක ගන්නට ම උපන් පුතකු වන විමල් වීරවංශ නායකත්වය දෙන උද්ඝෝෂණයක මෙම ඡායාරූපයේ දැක්වෙන පුවරුව ප්‍රදර්ශනය වීම පුදුමයක් වුව ද අපි නම් ඒ ගැන සතුටු වෙමු.
අනාගතේ යම් දවසක බටහිර රටවල මෙන් විමල් වීරවංශ, අචල ජාගොඩ වැනි සුන්දර තරුණයන්ට මෙම පුවරුවේ දැක්වෙන ආකාරයෙන් පවා වෙඩි නොකා විරෝධය දැක්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වාතාවරණයක් රටේ ඇති වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
මෙම උද්ඝෝෂණයට පියසිරි විජේනායක ගරු සංස්කෘතික ඇමතිතුමා සහභාගි වූයේ ද යන්න පිංතූරවලින් පැහැදිලි නොවේ.

Visit following link & vote person who you think be the next president of Sri Lanka.
ReplyDeletehttp://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx
ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද?
ReplyDeleteපහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.
http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx