2009-12-08

වීරවංශගේ 'දාඩිය මහල්' හා දේශපාලන සදාචාරය


(2009 දෙසැම්බර් 08 - W3Lankaතම බිරිඳ විසින් ඉදිකිරීමට යන නිවස සඳහා යොදාගන්නේ නීත්‍යානුකූල ඉපැයීම් බවත් එසේ නොවේ යෑයි ඔප්පු කළහොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සූදානම් බවත් ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (07) පක්ෂ මූලස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය. 

තමාට අයත්ව තිබූ මාවරමණ්‌ඩියේ නිවස විකුණූ මුදලින් නව ඉඩම මිලදී ගත් බවත් පෙර නිවස ජනතා විමුක්‌ති පෙරමුණේ සිටි කාලයේ පටන් තමන්ට අයත්ව තිබූ බවත් ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක්‌ මත එය විකිණීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

බිස්නස් කරන්නේ, ගෙවල් හදන්නේ තමන් නොව බිරිඳ බව කීම අනාදිමත් කාලයක සිට දේශපාලකයන් අතර ප්‍රචලිත තර්කයකි. එහෙත් එය නීත්‍යානුකූල ය.


ජවිපෙ මන්ත්‍රීවරු පඩි නො ගනිති. පඩිය පක්ෂයට දී වියදම් ලබා ගනිති.  මේ දෙක ම එක හා සමාන වීමට ද පුළුවන. විමල් වීරවංශ සත් වසරක් මන්ත්‍රීකම් දැරුවේ ඒ අන්දමිනි. ඔහු වැටුප සියතට ගන්නට පටන් ගත්තේ ජවිපෙන් අස් වූ දා පටන් ය. 

මේ වැටුප ගැනීමට ඇත්තට ම ඔහුට අයිතියක් නැත. මක් නිසා ද යත්, ඔහු ඇතුළු සියලු ජවිපෙ මන්ත්‍රීවරුන් ඡන්දය ඉල්ලුවේ වැටුප් පොදු අරමුදලක් හරහා මහජන සේවයට යොදවන බව කියමිනි. 



පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල වරප්‍රසාද ප්‍රමාණයකට හිමිකම් කියති. ඇමති පදවි හරහා ඔවුන් දූෂණයට විවෘත වන්නේ මීට අමතරවයි. මෙම ආකර්ශනීය රස්සාව හා බිස්නස් එක ලබා ගැනීමට මැතිවරණ අපේක්ෂයෝ විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරති. තමන්ට සුබ පතා තමන් ම පෝස්ටර් මුද්‍රණය කර ගනිති. තමන්ගේ රූපය විශාලනය කර පාරවල් අයිනේ පුවරු දමති. රූපවාහිනී හා පුවත්පත් දැන්වීම් දමති. මේ දේවල්වලට ඔවුනට අත් උදව් දීම සඳහා ඉදිරිපත් වන ආධාරකරුවන් ද අත ලෙවකන්නට බලාගෙන මී කඩන අය නො වෙති. ඡන්දය දිනුවොත් දෙන රස්සා, කොන්ත්‍රාත් ආදියට අමතරව, ඡන්දයට වැඩ කරන දිනවලදී ඔවුන්ට කන්න හා බොන්න ද, ගමන් බිමන් යන්නට වාහන ද, වලි දාගත්තොත් ඇප ද දිය යුතුව තිබේ. ඒ අතින් බැලූ කල මන්ත්‍රී තනතුරක් සඳහා සාමාන්‍ය දේශපාලකයකු විශාල ආයෝජනයක් කළ යුතු ය. 


ජවිපෙ මන්ත්‍රීවරුන්ට මේ කිසිවක් අවශ්‍ය නොවේ. ඔවුන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරන්නේ පක්ෂයයි. පෝස්ටර් බැනර් ගහන්නේ, පාරවල්වල අඳින්නේ, පොලිසියෙන් හා මැරයන්ගෙන් ගුටි කන්නේ, මැරෙන්නේ දිළිඳු පාක්ෂිකයෝයි. ඔවුන්ට අපේක්ෂකයන් කන්නට බොන්නට දෙන්නේ නැත. අපේක්ෂකයන්ට කන්න අඳින්න දිය යුත්තේ ද ඔවුන් විසිනි. මෙසේ බැලූ කල අද විමල් වීරවංශ කරන රස්සාව හා බිස්නස් එක ලබා ගැනීම සඳහා ඔහු කිසිදු ආයෝජනයක් කර නැත. නිශාන්ත මුතුහෙට්ටිගම මෙන් ගාමන්ට් ෆැක්ටරි විකුණා මහින්දගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට වාහන සැපයුවේ නැත. ‍

ඇමති ධුරයක් ද දැරූ, එහෙත් අල්පේච්ඡ දිවියක් ගෙවන, අප දන්නා එක් ජවිපෙ නායකයකුගේ බිරිඳක් පසුගිය දිනක අසල්වැසි කාන්තාවකට තම නිවසේ ඇති ගෘහ භාණ්ඩ පිළිබඳව පැවසුවේ ඒවා දුන්නේ අසවල් අසවල් අයියලා බවයි. මෙය බොරුවක් යයි අපි නො කියමු. විමල් වීරවංශ වැනි අයට ඒ දවස්වල 'ජපන් සමන් අයියලා' වැනි අය දුන් දේ වීරවංශ අස් වන විට පක්ෂයට දුන්නේ නැති නම් එය ද දූෂණයකි.  



එහෙයින් විමල්ගේ රස්සාව ම නීතියට අනුව නොව, දේශපාලන සදාචාරයට අනුව දූෂණයකි. වෙනත් දූෂණයක් නො කළත්, ඔවුන් වැටුප් ලෙස පවා ඇදගන්නේ දිළිඳු පාක්ෂකයන්ගේ දහදියයි. පරම්පරා දෙකක පක්ෂය වෙනුවෙන් දිවි දුන් අයගේ රුධිරයයි. 

මේ කාරණය විමල් වීරවංශට පමණක් නොව, ලෙයින් කඳුලෙන් දහදියෙන් ලියැවුණු ජවිපෙ ඉතිහාසය විකුණා ජීවිකාව ගෙන යන ජවිපෙ හා දැන් ජවිපෙ නොවන සියලුදෙනාට පොදු වේ.



3 comments:

  1. Seems someone is missing Japan Saman Aiya

    ReplyDelete
  2. දැන් ජ.වි.පෙ ගණිකා වෘත්තියේ යෙදෙනවාය,යු.එන්.පි එකට අල්ලනවාය,බටහිර කුමන්ත්‍රණ් කාරයන්ට අහු වෙලා කියලා,දැන් ජ.වි.පෙ දෙමළ ජාතිවාදයට කඩේ යනවා ආදි වශයෙන් බොහො දේ විමල් විරවංශන් පැවසුහ.නමුත් සත්‍ය නම් විමල් කලේ ඌ ජ.වි.පෙ ට පුකේ ඇරලා මහින්දට පුක දෙන්න ගිය එකයි.මේ ටික තෙරුම් ගත් දාට විමල්ට විමල්ගේ පුක ගැන තේරුම් යනු ඇත.

    ReplyDelete
  3. දැන් ජවිපේ නොවන අයට කියන්නේ අ3 මහත්තයත් එක්කද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.