2009-12-01

මාධ්‍ය පාලනයට බලය පාවිච්චි කරන්න මැතිවරණ කොමසාරිස් සැරසේ


(2009 දෙසැම්බර් 01 - W3Lanka) 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ තමන් වෙත ලැබී ඇති බලතල පාවිච්චි කරමින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගලික හා රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීව ක්‍රියා කරන්නේදැයි දැඩිව සොයා බැලීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද සිල්වා තීරණය කර ඇති බව වාර්තා වේ.


මේ වන විට රජයට අයත්, මහජන දේපල වන ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය වැනි සංස්ථා හා සමාගම්වල ජනමාධ්‍ය සම්පූර්ණයෙන් ම පාහේ නීතියට හා සදාචාරයට පටහැණි අන්දමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරය සඳහා සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට මඩ ගැසීම සඳහා යොදවා තිබේ.


ප්‍රධාන මාධ්‍ය අතරින් සිරස රූපවාහිනිය පමණක් විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂපාතී ස්වරූපයකින් කටයුතු කරනමුත් රජයේ මාධ්‍ය තරම් පහත් තත්වයකට වැටී නැත. බොහෝ පෞද්ගලික මාධ්‍ය වෙළඳපොළ පිළිබඳ සැලකිලිමත් වෙමින් මධ්‍යස්ථබවක් පෙන්වීමට උත්සාහ කරයි.


රජයේ මාධ්‍යවල දැඩි පක්ෂපාතී ස්වභාවය හේතුවෙන් ඒවා කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම හා ජනප්‍රියත්වය අඩු වීම රාජ්‍ය නායකත්වයේ පවා අවධානයට යොමු වී ඇති බව වාර්තා වේ. අමුවෙන් ම කඩේ යාම නො කර කිසියම් වෘත්තිකභාවයකින් යුක්තව මෙම මාධ්‍ය ආයතන පවත්වාගෙන යන ලෙස රජය උපදෙස් දී ඇතත් හෙළුවෙන් කඩේ යාම මිස අන් වෘත්තිකභාවයක් දන්නා මාධ්‍යවේදීන් මෙම ආයතනවල නැතිකම රජයට පවා ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වේ.



4 comments:

  1. වැඩියෙන්ම කඩේ යන්නේ ස්වර්ණවාහිණිය මල්කුමාරයා උදෙන්ම මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබ්බවන දේවල් නිසා හවස් වෙද්දී විමසුම මහින්දයාට ක‍්රන්න දෙයක් ඇත්තෙම නැති ත‍්රම් !!

    ReplyDelete
  2. It should be control State Medias. But Commissioner him slef show his bias to Mahinda. Will see.

    ReplyDelete
  3. වැහි කාලෙ වෙලත් මේ කාලකණ්ණි මාධ්‍යවේදියෝ කියන එවුන්ට හෙණ ගහන‍්නෙ නැත්තෙ රටේ අවාසනාව

    ReplyDelete
  4. ඔව්.ආණ්ඩුවේ මාධ්‍ය ගන්න දෙයක් නෑ.සිරස විපක්ෂයට පක්ෂපාතී බවක් පෙන්නුවත් ඒකෙන් මහින්ද මහත්තයාට පොඩ්ඩක්වත් මඩ ගහන්නේ නෑ.අනික ජනාධිපතිතුමාගේ කතාවලට,මුල්ගල් තැබීම් හා උත්සවවලටත් සිරසෙ ඉඩක් වෙන් නොවෙන්නේ නෑ.ඒත් දැන් ශ්‍රී ලාංකීය අභිමානයත් මහින්ද මහත්තයාට පොඩ්ඩක් අදින පාටයි."දිවයින",වෙලාවකට "ලංකාදීප" වුනත් වැඩියෙන්ම සමහරක් වෙලාවට පිටු වෙන් කරන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන් වගේ පේනවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.