ඇමති බන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකු සමයේ එම කැබ්නට් මණ්ඩලය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමීමට සැලසුම් කරන ලද සතොස වත්මන් ජනාධිපත මහින්ද රාජපක්ෂ යටතේ ඇමති බන්දුල විසින් ම යළි පණ ගන්වන ලදී.
දිවයින පුරා ස්ථාපිත කැර ඇති ලක් සතොස ශාඛා 132 න් ඉකුත් මාසයේ දී පමණක් රුපියල් ලක්ෂ 7650ක (මිලියන 765) පිරිවැටුමක් හිමි වී තිබේ. මේ වසර අවසන් වන විට එම ලාභය බිලියනයක් දක්වා වර්ධනය වන බව වෙළෙඳ අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි..
දෙසැම්බර් 31 වැනිදා වන විට ලක් සතොස ශාඛා ජාලය 150ක් දක්වා වර්ධනය කිරීමේ සැළසුමක් තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

හනේ අප්පෝ මේ කතාව අහල අහලාම ඇතිවෙලා තියෙන්නේ.
ReplyDelete