2009-12-06

ඖෂධ සමාගම්වල උවමනාව මත එන්නත් නැවැත්වීමෙන් ජලභීතිකාව පැතිරේ

(2009 දෙසැම්බර් 06 - W3Lanka) රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නැවැත්වීමත් සමග ජලභීතිකාව ව්‍යාප්තිය වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


ජලභීතිකා රෝගීන් පනස්‌ දෙනකු මේ වසරේ පසුගිය මාස එකොළහ ඇතුළත මියගොස්‌ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන පශු සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. එල්. ඒ. හරිස්‌චන්ද්‍ර මහතා කියයි.


2008 වසරේදී ජලභීතිකා රෝගීන් පනස්‌ එක්‌ දෙනකු මියගොස්‌ ඇත. 2009 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ජලභීතිකා රෝග මර්දන එන්නත් සුනඛයන් නවලක්‍ෂ පන්සිය තුන්දෙනකු සඳහා ලබාදී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්‍ගේ සංගමය පසුගියදා සෞඛ්‍ය බලධාරීන්ට චෝදනාවක් එල්ල කරමින් පැවසුවේ රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය 50%කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත් තොග ඉතිරි වී තිබීම නිසා ඖෂධ සමාගම්වල ඉල්ලීම මත යයි සැක බවයි. 

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.