2009-12-16

දෙදෙනා ම යුද අපරාධකරුවෝ - වික්‍රමබාහු

(2009 දෙසැම්බර් 16 - W3Lanka)  2010 ජනාධිපතිවරණයට තරග කරන වාමාංශික පෙරමුණේ අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය මැතිවරණ ව්‍යාපාරයේ තේමාව බවට පත් කරගෙන ඇත්තේ යුද අපරාධකරුවන් එපා යන්නයි.


මෙකී තේමාවෙන් වික්‍රමබාහු කරුණාරත්නට සහාය පළ කරන පළමු රැළිය දෙසැ. 17 සවස 3.00 ට ආමර් වීදියේ බ‍්‍රයිට්න් හෝටලයේදී පැවැත්වේ.


ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ම යුද අපරාධකරුවන් බව වාමාංශික පෙරමුණ පෙන්වා දෙයි.



3 comments:

  1. අපොයි බාහු... ඔබතුමා කරන්න හදන්නේ LTTE කොන්ත්‍රාත් එකක් නේද? මේ හරහා බටහිරට අවශ්‍ය යුධ අපරාධ ‍චෝදනා ඔප්පු කරන්න සාක්ෂි එකතු කරගන්න පුළුවන්. ඔබතුමගේ අරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමද නැතිනම් රටේ යුධ නායකයො අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනියන්න එයාලට අවශ්‍ය සාක්ෂි එකතු කරල දෙන එකද? කොහොම වුණත් බාහු ‍සහෝදරයා වැඩේ අන්තිම කැතයි. කරන්න වැඩක් නැත්නම් රට පාවා දෙන්නෙ නැතිව ගෙදරට වෙලා ඉන්න.

    ReplyDelete
  2. බාහුට ජය වේවා!

    Probably the only honest politician in Sri Lanka.

    That's why he can never win. All the others twist their words and policies for money and fame. But not this man. What ever happens, he does not change his policies.

    ReplyDelete
  3. යුධ අපරාධ කෙසේ වෙතත් දෙන්නම අපරාධකාරයො වෙන්න පුඵවන් තමයි. එසේම සියඵම ද්‍රවිඩ ජාතිකයන් LTTE ලෙස අර්ථකතනය කිරීම අන්තවාදී ජාතිවාදයයි. යුද්ධයේදී සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව මර්ධනය කෙරුනේද යන්න සොයා බැලීම LTTE යට සහය දැක්වීමක් නොවේ. එය මනුෂ්‍යත්වයේ වගකීමයි. අද දකුණේ සිදුවන මර්ධනයන් ඝාතනයන් අසත්‍ය ඒත්තු ගැන්වීම් නොදුටුවා සේ සිටින අපේක්ෂයන්ගේ පාක්ෂිකයන් එතරම් දුර දැකිය හැකි මනුෂ්‍යත්වයකින් යුක්ත වීමට කොහෙත්ම ඉඩක් නැත.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.